Colombo Today Local News

මෙරට සහල් හිගයක් ඇති නොවීමට පියවර ගන්න පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට ඉල්ලීමක්

මෙරට තුළ සහල් හිගයක් ඇතිවිම වැලැක්විම සඳහා තමන් සතු වී සහ සහල් තොඟ හිඟයකින් තොරව වෙළඳපොලට නිකුත් කිරිමට පියවර ගන්නා ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලීමක් කරයි. එලෙස කටයුතු නොකරන පුද්ගලයින්ට සහ ආයතනවලට එරෙහිව උපරිම නීතිමය කටයුතු කිරීමට නිලධාරින්ට උපදෙස් ලබාදී ඇති අතර මෙම වැරදි සම්බන්ධව සිදු කරන වැටලීමකට අදාල පුද්ගලයෙකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට අධිකාරියෙන් නිළධාරින්ට හැකියාවක් පවතින අතර ඒ සදහා වන නඩු පැවරීමකදී වරදකරු වුවහොත් දඩ මුදලක් සහ මාස 06ක සිර දඩුවමක් හෝ ඉන් එකක් ලබාදීමට අධිකාරියට හැකියාව පවතියි.

මේ වන විට අධිකාරිය මගින් නිකුත් කර ඇති සහල් උපරිම මිල සදහන් ගැසට් නිවේදනය ඉවත් කර ඇති බව පවසමින් සහ එම මිල ගණන් වෙනස් වන බවට පවසමින් ඇතැම් වී මෝල් හිමියන් සහ තොඟ වෙළඳුන් අසත්‍ය ප්‍රචාර සිදු කරමින් පවතින බවත් එහෙත් කිසිදු ආකාරයකින් අදාල ගැසට් නිවේදනය ඉවත් කර නොමැති අතර එම පාලන මිල ගණන් තවදුරටත් වලංගු වන බව ද එම අධිකාරිය වැඩිදුරටත් පැවසුවේය.

මේ වන විට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සහල් වැඩි මිලට අලෙවි කරණු ලැබූ ව්‍යාපාරිකයින් සම්බන්ධ වැටලීම් 700ක් පමණ සිදු කර තිබේ.මෙම වැටලීම් ඉදිරියට ද අඛණ්ඩව ක්‍රියාත්මක කරන අතර නීතියට පටහැනිව ක්‍රියා කරන පාර්ශව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනිමට කටයුතු කරන බවයි පාරිභෝගික අධිකාරිය සඳහන් කළේය.

පාරිභෝගික අධිකාරියේ පනතට අනුව කටයුතු නොකරන පුද්ගලයින් සම්බන්ධ තොරතුරු 1977 යන කෙටි දුරකතන අංකයට හෝ අදාල ප්‍රදේශයේ පළාත් සහකාර අධක්ෂවරුන්ට ලබා දෙන ලෙස එම අධිකාරිය ඉල්ලීමක් කරයි.

Related posts

බදියුදීන් හා කාදර් මස්තාන් ගැටෙයි 05ක් රෝහලේ

colombotoday

යුද්ධය දිනූ ගුවන් හමුදාපතිට සහ නාවික හමුදාපතිට ෆොන්සේකාට නොදෙවෙනි තනතුරු

colombotoday

2023 අයවැය ප්‍රතිපාදනවලින් 6%ක් කපාහරින්නැයි දැනුම්දෙමින් චක්‍රලේඛයක්

Admin

අවුරුදු 12ක මුස්ලිම් දැරියක් අවුරුදු දෙකක් තිස්සේ මුදලට විකුණලා. – දැරිය මිලදී ගත් අය අතර ප‍්‍රභූන් පිරිසකුත් – ගල්කිස්සට නොදෙවෙනි මරදානෙ කතාව

colombotoday

සජබ එක්ක සාකච්ඡා ඕනේ නෑ, එජාප මහලේකම් ධූරයෙන් ඉවත්වෙන්න සුදානම් – අකිල විරාජ් කියයි

colombotoday

වෙඩිතැබීමක් කල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීට ඇප

Admin