Colombo Today Local News

මුස්ලිම් දේවස්ථානවල සිකුරාදා ජුම්මා යාඥාව නවත්වයි

දිවයිනේ සියලු  මුස්ලිම් දේවස්ථානවල සිකුරාදා ජුම්මා යාඥාව අද දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු නොපැවැත්වෙන බව සමස්ත  ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමය ( ජමියතුල් උලමා සංගමය) ප්‍රකාශ කරයි.

සාමාන්‍යයෙන් සෑම සිකුරාදාවකම විශාල  පිරිසකගේ සහභාගීත්වයෙන් මුස්ලිම් දේවස්ථානවල සිකුරාදා ජුම්මා  යාඥාව  පැවැත් වුවද  කෝවිඩ් 19  හෙවත් කොරෝනා  වයිරසයේ බලපෑම හේතුවෙන් මෙම පියවර  ගෙන ඇති බවත් සම සංගමය පවසයි.

ඒ අනුව  නැවත දැනුම් දෙන තුරු පස්වේල් සලාතය ඇතුළු සියලු යාඥාවන් තම තමන්ගේ නිවෙස්වලදීම සිදු කර ගන්නා  ලෙසත් එම සංගමය මුස්ලිම්  ජනතාව වෙත උපදෙස්  ලබා දී තිබේ.

Related posts

පළමු ඡන්ද ප්‍රතිපලයෙන් පොහොට්ටුවට විශිෂ්ඨ ජයක්

colombotoday

හින්දු කෝවිලකට පහර දී ප්‍රතිමා හා භාණ්ඩ රැසක් කුඩුපට්ටම් කරයි

colombotoday

එක්ස්කැවේටර් යන්ත්‍රයක් හදිසියේ ගිනි ගනී

colombotoday

පහේ හපනුන් ජනප්‍රිය පාසල්වලට තෝරාගන්නා කඩයිම් ලකුණු මෙන්න

colombotoday

කාලගුණයෙන් රතු නිවේදනයක්

colombotoday

වැලි ටිපරයක ගැටී කොස්තාපල්වරයකු මරුට

Admin