Colombo Today Local News

මිහින්තලා මහා සෑයට නුදුරින් ගව ඝාතකාගාරයක්

ytrrඓතිහාසික පුදබිමක් ලෙසත් ලෝකයේ ප්‍රථම සත්ත්ව අභය භූමිය ලෙසත් බොදු ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වී ඇති ඓතිහාසික මිහින්තලේ පුදබිම ආසන්නයේ ගව ඝාතකාගාරයක් හා මසට ගවයන් අලෙවි කරන ස්ථානයක් පවත්වාගෙන යන බවට ප්‍රෙද්ශවාසීහූ අනාවරණය කරති.

මිස්සක කදු මුදුනේ පිහිටි මහ සෑ රදුන් පෙනෙන මානයේ ඒ නවය මාර්ගයේ මිස්සක මාවතේ මෙම ගව ඝාතකාගාරය හා එළ හා මී ගවයන් මසට විකුණන ස්ථානය පිහිටා ඇතැයි ඔවුහූ පවසති. මිස්සක මාවතේ පිහිටි ඉඩමක් වටා තාප්පයක් බැද දැඩි ආරක්ෂාවක් මැද ඒ තුළ ගව ගාලක් ලෙස මෙම ස්ථානය පවත්වාගෙන යන බවත් දිවා රාත්‍රී ලොරි රථවලින් ගවයන් මෙම ස්ථානයට ගෙනැවිත් ගාල් කරන බවත් ඒ අවට පදිංචිකරුවෝ පවසති.

ඒ අතර තාප්පයෙන් වටවූ ඉඩම කෙළවර ඇති පාළුවට ගිය නිවෙසක් තුළ ඉතා රහසිගතව ගවයන් මරා මස් අධිශීතකරණ සහිත ලොරිවල පටවා රැගෙන යන අන්දම දක්නට ඇතිබව ප්‍රදේශවාසීහූ කියා සිටිති.

Related posts

මවයි දුවයි දිය රකුසා බිලි ගනී

colombotoday

නැවත් යුද්ධයක් එපා.. ත්‍රස්තවාදයක් එපා.. මුලතිව්හී පොස්ටර් ඇලවෙයි….

colombotoday

කදුරට ජාතික පෙරමුණේ සහය මහින්දට

colombotoday

කෘතිම රා නිපදවූ මධ්‍යස්ථානයක් වටලයි

colombotoday

දුම්රිය ප්‍රවේශපත්‍ර හිඟ වීම ගැන බලධාරීන්ගේ අවධානය නැහැ – දුම්රිය ස්ථානාධිපතිවරු කියයි

colombotoday

ලිංගික අතවර කර 7 හැවරදී දරුවා ඝාතනය කරලා

colombotoday