Colombo Today Local News

මිල සූත්‍රය පටන් ගත් දවසේ ඉදන් තෙල් මිල යන්නේ උඩමයි.. ජනපති තීරණයක් ගන්න යයි..

තෙල් මිල සූත්‍රය තවදුරටත් පවත්වාගෙන යනවාද එසේ නොමැතිනම් එය සංශෝධනය කරනවාද යන්න පිළිබඳව ඉදිරි අයවැය යෝජනාවලියේදි තීරණයක් ගන්නා බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“තෙල් මිල සූත්‍රයට විවේචන තියෙනවා. ලෝකයේ සමහර රටවල්වල තෙල් මිල සූත්‍රයට අනුව මිල තීරණය කරනවා කියලයි රජය මේ තීරණය ගත්තේ. නමුත් මේ සූත්‍රය හැටියට තෙල් මිල පහළ යන්නේ නෑ උඩමයි යන්නේ. ඒක තමයි අපිට තියෙන අවාසිය පටන් ගත්ත දවසේ ඉදලා.ඉතින් මහ ජනතාවගෙන් බැනුම් අහනවා.

මම බලාපොරොත්තුවෙනවා මිල සූත්‍රය තවදුරටත් පවත්වනවද සංශෝධනයක් කරනවද? දැනට වඩා මහජනයාට හිතකර තත්ත්වයක් අතිකර ගන්න. ඉදිරි අයවැය යෝජනාත් එක්ක මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.”

Related posts

නවතම ඉන්දියානු මෝටර් රථ පහක ආරක්ෂාව බිංදුවයි

colombotoday

කල්මුණේ ළමා නිවාස පාලිකාවට වෘත්තීය සුදුසුකමක් නෑ

Admin

සයුරු පුර නිවාස සංකීර්ණයේ තුන්වැනි මහලෙන් ධීව‍රයෙකු බිමට වැටී මරුට

Admin

මහ මැතිවරණය ඇරඹේ

colombotoday

මුස්ලිම් මන්ත්‍රීවරුන් 08 දෙනෙකුගේ ඉල්ලා අස්වීමේ ලිපි ජනපති ලේකම් කාර්යාලයට.

colombotoday

පූර්ණ කාලීනව මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද රථ ගැන වාර්තාවක් කැඳවයි

colombotoday