Colombo Today Local News

මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ගණන් මෙම මස සංශෝධනය නොකෙරේ

නියමිත මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ගණන් මෙම මස සංශෝධනය නොකරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

උත්සව සමයේදී ජනතාවට සහන සැලසීමේ අරමුණින් එම තීරණය ගත් බවයි නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ යමින් පවතින බවද එහි සඳහන්.

මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ පසුගිය මාසය තුළ අමෙරිකානු ඩොලර් 67 ක්ව පැවති බොරතෙල් බැරලයක මිල අද වන විට අමෙරිකානු ඩොලර් 74 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

පසුගිය මාර්තු මාසයේ දී සිදුකළ ඉන්ධන මිල සංශෝධනයේදීද උත්සව සමය සැලකිල්ලට ගනිමින් සුළු වශයෙන් ඉන්ධන මිල ඉහළ දැමූ බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.

Related posts

ඇමති මංගලට එරෙහිව මීගමුවේ කතෝලිකයන් වීදි බසී

colombotoday

පොලීසිය බලා සිටියදීම මැරයෝ පොලු මුගුරුවලින් තෙල් සේවකයන්ට පහරදුන් හැටි (Video)

colombotoday

වියළි කලාපයේ ගොවීන් ලක්ෂ දෙකකට නොමිලේ යූරියා

Admin

IMF නියෝජිතයින් පිරිසක් අද දිවයිනට

colombotoday

පණුවන් සහිත ටින් මාලු තවම වෙළදපොලේ බළධාරීන් නිහඩයි.

colombotoday

කොවිඩ් ආසාදිත ගර්භණී කාන්තාවන්ගේ ඉහළ යාමක්

colombotoday