Colombo Today Local News

මැතිසබය විසුරුවන ගැසට්ටුව අද මධ්‍යම රාත්‍රිෙය් !

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ගැසට් නිවේදනය අද (2 වැනිදා) මධ්‍යම රාත්‍රියේදී මුද්‍රණය සඳහා යැවීමට නියමිතය. ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව අදාළ නිවේදනය ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට යැවෙනු ඇත.

නාම යෝජනා මාර්තු 12-19 අතර මැතිවරණය අප්‍රේල් 23න් පසු පාර්ලිමේන්තුව අද (2 වැනිදා) විසුරුවා හැරියහොත් මාර්තු මස 12 ත් 19 ත් අතර නාමයෝජනා කැඳවීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. පාර්ලිමේන්තුව විසුරුවා හරින දිනයේ සිට දින 52 ක් සහ 66 ක් අතර කාලයේදී ඡන්ද විමසීම පැවැත්විය හැකිය. ඒ අනුව ඡන්ද විමසීම අප්‍රේල් මස 22 වැනිදාට පසුව මැයි මස 4 වැනිදා හෝ එදිනට පෙර පැවැත්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසීය.

මැතිවරණය අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙවර මහා මැතිවරණය සඳහා මේ වනවිට මූලික කටයුතු අරඹා ඇතැයිද කොමිෂන් සභාව කියයි.

2019 වසරේ ඡන්ද හිමි නාම ලේඛනය අනුව ඡන්දදායකයන් සංඛ්‍යාව එක්කෝටි හැට දෙලක්ෂ හැට තුන්දහස් අසූ පහකි. 2018 වසරේ ඡන්ද නාම ලේඛනයට වඩා 271,789 දෙනකු මහා මැතිවරණයේදී ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත.

Related posts

මාවනැල්ල ප්‍රදේශයට යුද හමුදා ආරක්ෂාව

colombotoday

අලුත් ගොඩනැගිල්ලක් හදන්න චන්ද්‍රිකාටත් ලක්ෂ 170ක්.. පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට

colombotoday

රේගුවෙන් කහ කිලෝ ග්‍රෑම් 33,000ක් පැන්නූ නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

මහනුවර උත්ඝෝෂණ භූමියටත් ප්‍රහාරයක්

colombotoday

හලාවත ගැටුමට මුල් වූ ව්‍යාපාරිකයා රිමාන්ඩ්

colombotoday

බත් පැකට්ටුවෙයි කිරි තේ කොප්පෙයි මිලත් ඉහළට

colombotoday