Colombo Today Sports News

මාලිංග කෝටි 08කට විකිණේ

එලැඹෙන අයි.පී.එල් ක්‍රිකට් තරගාවලිය තුල ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රිඩක ලසිත් මාලිංග රඳවා ගැනීම වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 08ක මුදලක් ගෙවීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කැමැත්ත පළ කර තිබෙනවා.
පාදයේ ආබාධයක් හේතුවෙන් මේවන විට පැවැත්වෙන නවසීලන්ත තරග සංචාරය පවා මාලිංගට අහිමි වී තිබියදී මෙවැනි මුදලක් ඔහු වෙනුවෙන් ලබාදීම විශේෂත්වයක්.

අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේදී ක්‍රිඩකයින් වෙනුවෙන් ගෙවීමට අපේක්ෂිත මුදල් පිළිබඳව ප්‍රකාශයට පත්කළ දල වාර්තාවෙහි මෙම කරුණු ඇතුලත්.

අදාළ වාර්තාවට අනුව වැඩිම මුදලක් ගෙවීමට නියම වී ඇත්තේ ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි හටයි. ඔහුට ගෙවීමට අපේක්ෂිත මුදල ඉන්දීය රුපියල් කෝටි 15ක්.

මෙම ක්‍රිඩක ලැයිස්තුවට මාලිංග හැර කිසිදු ක්‍රිඩකයෙකු ඇතුලත්ව නොතිබීමද විශේෂත්වයක්.

2016 අයි.පී.එල් ක්‍රිකට් තරගාවලිය ලබන අප්‍රේල් 08 වනදා ආරම්භ වනවා.

ඉකුත් තරගාවලියේදී වැඩිම ගෙවිමක් කළ ක්‍රිඩකයින් අතර ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩක වෙන්දේසි සඳහා මුදා හැරීමට ඉකුත් දා තීරණය කෙරුණා.

Related posts

ධනුෂ්කට එරෙහි තහනම ඉවතට

Admin

ආසියානු කුසලානයේ ටිකට් පත් මිල අඩු කෙරේ!

colombotoday

යුපුන් අබේකෝන් මීටර් 100 ධාවන ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි

colombotoday

ක්‍රිකට් පිටියට එන මසායි ගෝත්‍රිකයෝ

colombotoday

මාලිංග යලිත් ක්‍රිකට් පිටියට

colombotoday

දණහිසේ අබාදය හේතුවෙන් මාලිංගට නවසීලන්ත එක්දින තරග අහිමිවේ..

colombotoday