Colombo Today Local News

මානව හිමිකම් යෝජනාවෙන් ජයලලිතාට රිදිලා

ලංකාවේ යුද්ධයේ අවසන් අදියරේදී සිදු වූවා යැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකාවේ දේශීය යාන්ත‍්‍රණයට සහාය දක්වමින් ඇමෙරිකාව ප‍්‍රමුඛත්වයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කළ යෝජනාවට එරෙහිව ඉන්දීය මධ්‍යම රජය කිසිවක් නොකිරීම සම්බන්ධයෙන් තමන් දැඩි කණස්සල්ලට පත්ව ඇතැයි තමිල්නාඩුවේ මහ ඇමතිනී ජයලලිතා ජෙයරාම් හා එහි හිටපු ඇමැති එම්.කරුණනිධි ප‍්‍රකාශ කර ඇති බව ඉන්දීය පි.ටී.අයි පුවත්සේවය වාර්තා කරයි.

ජාත්‍යන්තරයේ සහයෝගයෙන් හෝ වේවා මොන යම් පරීක්ෂණ පැවැත්වුවත් දෙමළ ජනතාවට සිදුවුණ අවමානයන් හි අඩුවක් නැතැයිද,සම්මත කළ යෝජනාව වත්මන් ශ්‍රී ලංකා රජයේ උවමනාව මත සම්මත කළ එකක් මිස එරටේ දෙමළ ජනතාවගේ අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් ක‍්‍රියාත්මක නොවු එකක් බවද තමිල්නාඩුවේ මහ ඇමතිනිය සහ හිටපු මහ ඇමැතිවරයා පෙන්වා දේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතුයි යන්න බල කරමින් ලංකාවේ දෙමළ වැසියන් බහුතරයක් ජීවත් වන උතුරු පළාත් සභාව විසින් හා තමිල්නාඩු ප‍්‍රාන්ත රජය ඉකුත්දා සම්මත කර ගනු ලැබු යෝජනාවන් බැහැර කරමින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් සම්මත කර ගත් ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවෙන් හිරිහැර විඳි දෙමළ ජනයාට යුක්තිය ඉටුවී නැතැයි ද ඔවුන් පෙන්වා දේ.

Related posts

එදා මුස්ලිම් අපිට මුහුණ වහන්න එපා කියපු අයට අද මුහුණ වහන්න වෙලා..!

colombotoday

කොරෝනා අසාදිතයින්ගේ ගණන 132 දක්වා ඉහළට

colombotoday

තමිල්නාඩු ප්‍රාන්තයේ කොරෝනා රෝගීන් මෙරටට ගෙන්වා ප‍්‍රතිකාර කල යුතුයි- සම්බන්ධන්

colombotoday

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කුරණයට අනුව යුක්ති සහගතද?

colombotoday

“චන්ද්‍රිකාට, මෛත්‍රීට, මට නැති ආරක්ෂාවක් මහින්දට දෙන්න බෑ.. ඉතිරි හමුදාවත් ඉවත් කරනවා”

colombotoday

කොල්ලකරුවන්ගේ රජ දහනක් විල්ගොඩ පිරවුම්හල

colombotoday