Colombo Today Local News

මහේන්‍ද්‍රන් ගෙන්වන ලේඛන සිංගප්පූරුවට භාරදෙයි

මහබැංකු බැඳුම්කර නඩුවේ පළමු විත්තිකාර හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා උදර්පන නීතිය යටතේ ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන සිංගප්පූරුවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් ඊයේ (12) එරට විදේශ කටයුතු අමාත්‍යාංශයට බාරදී ඇත.

සිංගප්පූරුවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් ශෂිකලා පේ‍්‍රමවර්ධන මහත්මිය වෙත අදාළ ලිපි ලේඛන ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් පෙරේදා (11) භාරදුන් බවත් එම ලිපි ලේඛන ඊයේ (12) තානාපති කාර්යාලය මගින් එරට විදේශ කටයුතු අමාත්‍යාංශයට භාරදුන් බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙලෙස අර්ජුන මහේන්ද්‍රන් මහතා ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පිටු 21,000 කට අධික ලිපි ලේඛන ගොනුවට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පසුගිය 06 වැනිදා අත්සන් තැබීය.

Related posts

රන් මිල ඉහළ යයි

Admin

බාල ඉන්ධන තොගයක් ගෙන්වලා.. ගුවන් යානා අනතුරේ !

colombotoday

තව්හිද් සාමාජිකයන් ගැන පොලිසියට තොරතුරු දුන්නැයි නාවික සෙබළකු ඇතුළු තිදෙනකුට පහර දීලා

colombotoday

ගෙවුණු වසර තුනේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සේවකයන් 2400ක් ගත්තත් ප්‍රමාණවත් නෑ

colombotoday

මව්බිමේ දරුවන් වෙනුවෙන් වූහාන් මරු කටට ගිය ගුවන් විරුවන්ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හරසර !

colombotoday

අවුරුදු 60 සම්පූර්ණ වූ සේවකයින් 300ක් සේවයේ රදවා ගන්න දුම්රිය දෙපාර්තමේන්තුවට අවසර

Admin