Colombo Today Local News

මහ මැතිවරණයට ‘පොහොට්ටුව‘ සන්ධානයෙන්…

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කිරීමට පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාව එකඟකර ගත් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසකට අද (10) උදැසන පවසා ඇතැයි වාර්තාවේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කල ඉල්ලීමක් මත එවැනි තීරණයක් ගත් බව මහින්ද රාජපක්ෂ මහතා එහිදී පවසා ඇත.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලට අනුව සන්ධානයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට තීරණය කර ඇති ජනාධිපතිවරයා එහි නායකත්ව මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමටත්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉවත්කර
සන්ධානයේ ලේකම් ධුරයට මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් අයකු පත් කිරීමටත් එකඟත්වය පළකර තිබේ.

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරග කරනු ලබන්නේ ‘පොහොට්ටුව’ ලකුණින් බවටත්, වෙනත් කුඩා පක්ෂයක් යටතේ තරග කිරීමට සූදානම් නොමැති බවටත් එම පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පසුගියදා මාධ්‍ය හමුවකදී සිදුකල ප්‍රකාශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ බලවත් කනස්සල්ලට හේතුවී තිබිණ.

Srilankanmirror

Related posts

අධිවේගී මාර්ග වල ගමන් කරන සියළුම ගිලන් රථ අද දින සිට අධිවේගී මාර්ග ගාස්තුවෙන් නිදහස්

colombotoday

යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරු 05ක් මේජර් ජෙනරාල් තනතුරට උසස් කෙරේ…

colombotoday

රංජන් රාමනායක 20 තෙක් රිමාන්ඩ්

colombotoday

එක්නැලිගොඩගේ කොටි සබදතා පිළිබද හඬපටයක්‌ යුද හමුදාව CIDයට භාර දෙයි

colombotoday

විදේශගත ලාංකිකයින්ගේ කටයුතු වෙනුවෙන් විශේෂ කාර්යාලයක්

Admin

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහටත් කොවිඩ්

colombotoday