Colombo Today Local News

මහ මැතිවරණය පැවැත්විය හැකියි- මහින්ද දේශපි‍්‍රය

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව මහමැතිවරණය පැවැත්වීමට හැකියාවක් ඇති බව අද පැවති ආදර්ශ මැතිවරණයෙන් පෙනී ගිය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා පවසයි.

අම්බලන්ගොඩ විලේගොඩ ධම්ම යුක්තිකාරාම විහාරස්ථානයේ අද පැවති එම ආදර්ශ මැතිවරණයෙන් පසු මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව කියා සිටියා.

ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙන ඡන්ද දායකයන්ගේ දෑත් පිරිසිදු කිරීම සඳහා විෂබීජනාශක දියර යොදා ගැනීමට ද මෙහිදී තීරණය වූ බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ. මහමැතිවරණයට වැය වන වියදම ගණනය කිරීමට සිදු වන්නේ තවත් දෙසතියකින් පමණ බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මහමැතිවරණය පැවැත්වීම ප‍්‍රවේශම්කාරීව සිදු කළ යුතු බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී අවධාරණය කළා.

Related posts

වාලම්පුරියක් ඇතුළු ඉපැරණි ද්‍රව්‍ය මිල දි ගැනිමට පැමිණි මන්ත්‍රිවරයෙකු ඇතුළු තුනක් අත්අඩංගුවට

colombotoday

හිටපු නීතිපතිට අදත් TIDයෙන් කැඳවීමක්

Admin

ඡන්ද පෙට්ටි ප්‍රවාහනය හෙට උදෑසන ඇරඹේ

colombotoday

කවුරු කොහොම කිවුවත් මඩකලපුව විශ්වවිද්‍යාලය ලබන ජනවාරි මස තුන්වන දින විවෘත කරනවා – එම්.එල්.ඒ.හිස්බුල්ලා

colombotoday

ඉන්ධන නිකුත් කිරීම අද සිට නවතී.. රට පුරා ඉන්ධන හිගයක් !

colombotoday

කොරෝනා එන්නත ලබා ගන්න ලියාපදිංචි වෙන්න

colombotoday