Colombo Today Local News

මංගල සහ රන්ජන්ගේ ප‍්‍රකාශ නිසා සිංහල බෞද්ධ ඡන්ද ලැබුණේ නෑ. එජාපය පරාජයට හේතු සමාලෝචනය කර නිගමනය කරයි.

ජනාධිපතිවරණය පරාජය වීමේ මූලික හේතුව වී ඇත්තේ සිංහල බෞද්ධ ඡුන්ද නොලැබීම බව එක්සත් ජාතික පක්ෂය ඊයේ (27දා) මැතිවරණ ප‍්‍රගති සමාලෝචනය කරමින් නිගමනය කර තිබේ.

මංගල සමරවීර සහ රන්ජන් රාමනායක යන හිටපු ඇමැතිවරුන් බුද්ධාගමට සහ භික්ෂූන් වහන්සේට කළ විවිධ ප‍්‍රකාශ මැතිවරණ පරාජයට සෘජු ලෙසම බලපෑ බව මෙහිදී ප‍්‍රකාශ වී තිබේ.

හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිරිකොත දී ඊයේ පෙරවරුවේ මෙම මැතිවරණ ප‍්‍රගති සමාලෝචන රැුස්වීම පැවැත්වී ඇති අතර ඊට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් තිහකට අධික පිරිසක් ද සහභාගී වී ඇත.

මෙම රැස්වීමට ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා සහභාගී වී නොමැති අතර ඔහුට හිතවත් මන්තී‍්‍රවරුන් බහුතරයක් ද සහභාගී වී නොමැත.

මෙහිදී ජනාධිපතිවරණය පරාජය වීමට හේතු වූ කාරණා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර වැරදි සකසා ගනිමින් ඉදිරි මහ මැතිවරණයට සාර්ථකව මුහුණදීමට තීරණය කර තිබේ.

ඊට අමතරව පර්යේෂණ කමිටුවක් ද පත්කිරීමට තීරණය වී ඇත. එම කමිටුව දිනපතා රැස්වී කරුණු සමාලෝචනය කිරීමටද තීරණය කර ඇත. එහි කැඳවුම්කරු වශයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශු මාරසිංහ පත් කොට තිබේ.

එම කමිටුව අද (28දා) පෙරවරුවේ රැස්වීමට තීරණය කර ඇත. මෙම විශේෂ රැස්වීම පැය එකහමාරක් පමණ පැවැත්වී තිබේ.

Related posts

තෙල් සංස්ථා සේවකයෝ 3ක් ත්‍රිකුණාමලයේදී ඉන්දීය සමාගමෙන් අල්ලා සිරකරයි

colombotoday

කවුරු කොතන කොහොම කීවත් මම ඉන්නකම් විදේශ අධිකරණයකට ඇඟිලි ගැසීමට දෙන්නෙ නැහැ

colombotoday

Online ඔස්සේ ‍යළි මේ දේවල් කළොත් වැඩ වරදී…

Admin

පාසල් සිසුන් ලක්ෂ 10කට චීන සහල් මෙට්‍රික් ටොන් 5,000 ක ප්‍රදානයක්

colombotoday

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ තවත් එකසිය පනස් දෙකක් අත්අඩංගුවේ

colombotoday

ජනපති, අගමැති ඇඟිළිගැසීමෙන් මංගල කුපිත වේ

colombotoday