කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් 10 දෙනෙකු හඳුනාගනීමත් සමඟ බේරුවල ධීවර වරාය නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත්තේ බේරුවල ධීවර වරායේ සිට පෑලියගොඩ මත්ස්‍ය වෙලදපොළ වෙත මසුන් රැගෙන ගිය ලොරි රථ රියදුරන් හා සහායක පුද්ගලයින් 10 දෙනෙකුට බවයි සඳහන් වන්නේ.