Colombo Today Local News

බූස්ස බන්ධනාගාරයෙන් දුරකතන 03ක් සොයා ගනී

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගනයේ රැඳවියන් රඳවා සිටි සිරමැදිරි තුනක සිදු කළ සෝදිසියකදී ජංගම දුරකතන 03ක් සහ අමතර සිම් කාඩ්පත් 04ක් සොයාගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් පිරිසක් විසින් සිදු කළ සෝදිසියකදී අදාළ දුරකතන සහ සිම් කාඩ්පත් සොයාගෙන ඇති බව වාර්තා වේ.

කොස්ගොඩ තාරක, වෙලේසුදා සහ තවත් සැකකරුවන් තිදෙනෙකු රඳවා සිටි සිරමැදිරි තුනක් මෙලෙස සෝදිසි කළ බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

එහිදී සිර මැදිරි තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ සිම් කාඩ්පත් දෙකක් දැමිය හැකි ජංගම දුරකතන 03ක්, සිම් කාඩ්පත් 04ක්, අමතර බැටරි 04ක් සහ චාජර් 02ක් සොයාගෙන තිබේ.

Related posts

ඔස්ට්‍රේලියාවේ ලාංකිකයින් හමුවූ ජනපති.

Admin

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහතිකයක්

colombotoday

රස කවපු විස පනතක් පාර්ලිමේන්තුවට…

colombotoday

පාසල් අවට අහිතකර දේ ඉවත් කරන්න වැඩබලන පොලිස්පතිගෙන් නියෝග

Admin

යල කන්නය සදහා ජලය නිකුත් කිරීම ආරම්භ කරයි

Admin

ඉඩම්, පොලිස්, මුදල් බලතල පළාත්සභාවලට දුන්නොත් ආණ්ඩුවේ අවසානය එයයි – අධිනීතීඥ ගෝමින් දයාසිරි

colombotoday