Colombo Today Local News

බුදු පිළිම වහන්සේ නමක් වැඩමවීමට දෙමල ජාතිකයන් විරුද්ධවූ මුලතිව් පුරාවිද්‍යා රක්ෂිතයට ඇතුළුවීම තහනම් කරයි

භික්ෂුන් දෙනමක් ඇතුළු පිරිසක් බුදු පිළිම වහන්සේ නමක් මුලතිව් පුරාවිද්‍යා රක්ෂිතයට වැඩමවීමට එරෙහිව දෙමල ජාතිකයන් පිරිසක් පසුගියදා විරෝදතා ව්‍යාපාරයක් දියත් කල අතර අද දින එම ප්‍රදේශයට ඇතුල් වීම අධිකරණය විසින් තහනම් කර ඇත.

මුලතිව් දිසා විනිසුරු එස් ලෙනින් කුමාර් එම නියෝගය දී ඇත්තේ සපුමල්තැන්න අරණ්‍ය සේනාසනාධිපති ගල්ගමුවේ සංඝබෝධි හිමියන් ප්‍රමුඛ පිරිසක් කුමුලමුනෙයිහි තන්නිමුරිප්පු වැව අසල කුරුන්දුර් කන්ද හෙවත් කුරුඳුමලේ මතට බුද්ධ ප්‍රතිමාවක් වැඩමවීමත් සමග 4 අඟහරුවාදා හටගත් උණුසුම් තත්වය සම්බන්ධයෙන් පොලිසිය විසින් අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුවය.

භික්ෂුන් වහන්සේ විසින් පොලිසියට ලේඛනයක් ඉදිරිපත් කරමින් පවසා තිබුනේ සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඩී එම් පියතිලක බණ්ඩා විසින් දෙන ලද අවසරයකින් තමන් කුරුඳුමලේ පුරාවිද්‍යා ස්ථානයේ නඩත්තු හා සංරක්ෂණ කටයුතු සඳහා පැමිණි බවයි.

ලේඛනයේ සත්‍යතාව පිළිබඳව පරීක්ෂණ පවත්වන ලෙස ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානාධිපති ආර් එම් ජී බී රත්නායකට නියම කළ මුලතිව් දිසා විනිසුරුවරයා ලබන 13 දා පුරාවිද්‍යා බලධාරීන් උසාවි ගෙන්වන ලෙස නියෝග කළ බව ගගන මුලතිව් වාර්තාකරු පවසයි.

Related posts

ආරක්ෂක ලේකම්වරයා තුර්කියේ සහ රුසියාවේ නිල සංචාරයක

colombotoday

ජනාධිපතිතුමා අපිට කියන්න ඕන නෑ අපේ ස්ත්‍රීන් කොහොමද අඳින්න ඕන කියලා – ප්‍රහාරයේ උනුසුම මැකී යද්දී උලමා සුපුරුදු රිද්මයට එයි…

colombotoday

පවුල් ආරවුලකට පියා සහ පුතුට පිහියෙන් ඇනලා…

Admin

2020 මැතිවරණ දිනය ගැන අවසන් තීරණය මේ සතියේදී

colombotoday

මුහුදු වෙරළේ නාඳුනන මළ සිරුරක්

Admin

ඤාණසාර භූමිකාවක්, “ඤාණසාර භූමිකාව” යනු රට රකින භික්ෂූවගේ යතිවර මුද්‍රාවයි… (Video)

colombotoday