ArticlesWorld

ජපානයේ සිය දිවි නසාගැනීමේ කඳුකරයේ දී මිනිසුන් 600 කට නැවත පණ දුන් යුකියෝ ෂීගේ

ජපානයේ සිය දිවි නසාගැනීමේ කඳුකරයේ දී මිනිසුන් 600 කට අධික සංඛයාවක් පෙරළා නැවත ඉන් ගලවාගත් ඔහු,

ජපානයේ ටොජින්බෝහි කඳුකරයේ සියදිවි නසා ගැනීමට සූදානම් වන මිනිසුන්ව දුරබලනයක් උපයෝගී කොට සොයනා “යුකියෝ ෂීගේ” පවසන්නේ “ඔවුන් අපගෙන් උපකාර ඉල්ලා සිටිනවා ” යන්නයි වැසි දිනවලදී මෙහි සියදිවි තොරකර ගැනුමට පැමිනෙන කිසිවෙකුව සොයාගැනීමට අපහසු අතර හිරු ආපසු පැමිණෙන විටත් ජනතාව එම අවට නොගැවසෙන විට සියදිවි නසාගැනීමට බොහෝ මිනිසුන් මෙහි පැමිණෙයි. ඔවුන් බොහෝමයක් මෙවන් තීරණයක් ගන්නට මූලිකම හේතු අතර මූල්ය අර්බූද මෙන්ම මුල් වසන්තයේදී ජපන් පාසල් විවෘත වීමත් සමග අධි කාර්‍යබහුලත්වය මත ඇති වන ජීවිතයේ පීඩනයත් ලෙස දැක්විය හැක.කෙසේ වෙතත් යුකුයි ෂීගේ තම කාර්‍යය ඉටුකිරීමට කාලගුණය නොසලකා හරිනු ලැබේ.

සෑම දිනකම ඔහු ටොජින්බොෂ් කඳුකරයේ ඉහළ බැසල්ට් තීරු හරහා ගමන් කරයි. මෙම ප්‍රපාත තීරුව ජපානයේ මුහුදට අඩි 80 ක් පහතට වැටී ඇත. ඔහු නිතර දුරේක්ෂය ආධාර කරගෙන සොයන්නේ කුමන හෝ පුද්ගලයෙක් දිවිනසාගැනීමට ගන්නා උත්සාහය ව්‍යාර්ථ කොට එම පුද්ගලයා හා වචන කිහිපයක් කතා බස් කිරීමටයි පසුගියඅවුරුදු 15 ක් ඇතුළත ඔහු පුද්ගලයින් 609 දෙනෙක් මෙසේ සිත් වෙනස් කොට මුදාගෙන තිබේ.

“මා මිනිසුන් බේරා ගන්නා වෙලාවට ඔවුන්ව දැකීම මගේ මිතුරෙකු දැකීම වැනි ය.” ලෙස පවසන්නේ වයස අවුරුදු 73 ක් වූ ෂීගේය.ඔහු හිටපු විශ්‍රාමික පොලිස් නිලධාරියෙකි. “ඒක නම් හරිම පුදුම දෙයක් නෙවෙයි “මේ අය උදව් ඉල්ලනවා, ඔවුන් එක්ක කතා කරන්න මම බලාගෙන ඉන්නවා. ” තව දුරටත් ඔහු පවසයි

සංවර්ධිත ලෝකයේ ඉහලම දිවි නසා ගැනීමේ අනුපාතය වාර්තාවන්නේ ජපානයේ 2016 දීය , සෑම 100,000 ක් දෙනා අතරින් සියදිවි නසා ගැනීම් 17.3 ක් විය(එක්සත් ජනපද සංඛ්යාව 13.5) එක්සත් ජනපදයේ මෙන් නොව ගිනි අවි මඟින් සිදුවන මරණ වලට වඩා මානසික ආතතියට මොවුන් බොහොමයක් ගොදුරුවේ.ජපානයේ අවුරුදු 15 ත් 39 ත් අතර වයස පුද්ගලයන්ගේ මරණයේ ප්රධානතම හේතුව ලෙස දැක්විය හැක්කේ සියදිවි නසාගැනීම ය.මේවා ජපානය තුල ඉහල යෑමට තවත් හේතුලෙස පුළුල් සෞඛ්ය ගැටුම්, පවුල් ගැටලු, විරැකියාව සහ වැඩ සහ පාසලේ පීඩනය මගින් ඇතිවන මහජන සෞඛ්ය අර්බුදද දැකිය හැක . 2007 දී ටෝකියෝව සියදිවි නසාගැනීමේ ප්‍රතිවිරෝදීත්වය සඳහා මූලික නීතියක් හඳුන්වා දුන් අතර, එම නීතිය නව හඳුන්වාදීමක් මෙන්ම සංවේදී මාර්ගෝපදේශයන් තවත් දශකයකට පසු ක්‍රමානුකූලව සිදු කරන ලදී.

ජපාන රජය “නීත්යානුකූල, සමාජීය සහ සංස්කෘතික මට්ටමේ සියදිවි නසාගැනිම් සම්බන්ධයෙන් වෙන වෙනම සොයා බැලීමට දැන් කටයුතු කරනවා ” ක්යෝතෝ ඵෙතිහාසික වෛද්‍ය සරසවියේ මහාචාර්යවරයෙකු හා මරාගෙන මැරෙන පර්යේෂකයෙකු වූ යූටකා මොතහාෂි මහතා එලෙස පැවසයි.තවද මේ හා සම්බන්ධ දිවිනසාගැනීම් සමීක්ෂණ නිලධාරින් පවසන්නේ මානසික අවපීඩනය අධ්යයනය කිරීම සඳහා මුදල් පොම්ප කිරීම වෙනුවට නිලධාරීන් සියදිවි නසාගැනීමට හේතු වන කරුණු සොයා බැලියයුතු බවයි. ඔවුන් සියදිවි නසාගැනීමේ ක්ෂණික ඇමතුම් ලබා දීම, උපදේශනය සඳහා තව තව ප්රවේශය වැඩි කිරීම, සියදිවි නසාගැනීම් ප්‍රරවර්ධනය කරන සංවිධාන හා වෙබ් අඩවි අධීක්ෂණය කිරීම, සහ සතියකට වැඩ පැය ගණන අඩු කිරීම සඳහා වන නීති සකස් කිරීම ඉතා සුදුසු බවයි.

ජපානයේ විවිධ සියදිවි නසාගැනීම් සිදු වුවද සමහරක් “සියදිවි හානිකරගැනීම් වැඩිම ස්ථාන” විශේෂඥයන් හඳුන්වන ලෙස – පාලම්, කඳුකර, උස් කඳු මුදුන් අඔකිගහාරා වනාන්තරය, මුහුදේ ගුහාව ඇතුළුව, යම් යම් ස්ථාන 50 ක් පමණ වන බවය.තවත් ප්රසිද්ධ ස්ථානයක් වන්නේ ටෝජින්බෝහි කඳුකරය යි. පුරාවෘත්තයකට අනුව මෙම ස්ථානය තරහකරුවකු විසින් ප්‍රපාතයෙන් ඉවතට තල්ලු කළ විට මියගිය භික්ෂූන් වහන්සේ නමකගේ නමකින් නම් කර තිබේ.මෙය සැතපුම් භාගයකට වඩා දුර විහිදී යයි. මෙහි අවසාන බෑවුම මුහුදට කඩා වැටී ඇත.ෂිගේ අවුරුදු 42 ක් පොලිස් නිලධාරියෙකු ලෙස කටයුතු කළ අතර, පෙර ටොජින්බෝහි දී බොහෝවිට ඔහුට රළ මත සිට පාවෙන මළ සිරුරු ඉවත් කිරීමට සිදු විය. 2003 දී ඔහුට යම් ස්ථානයක බංකුවක් මත වාඩිවී සිටි වයෝවෘද්ධ යුවලක් හමු වූ අතර ඔහු ඔවුන් හා දොඩමලු විය. ඔවුන් හට ටෝකියෝහි බාර් එකක් අයිති බවත් ඔවුන් ණය ගැතිව සිටි බවත් ඔවුහු කියති. ඔවුන් හිරු බැස යෑම එළබෙන තෙක් සැලසුම් කලේ සියදිවි හානිකරගැනීමටයි.ෂීගේ වහ වහා සගයන් කැඳවා සුභසාධක කාර්යාංශය වෙත ඔවුන් ගෙන යන ලදී.දැන් ඔහුට ස්වේච්ඡා සේවකයන් 20 ක් පමණ සිටියි. “අපි තනි පුද්ගලයන් වශයෙනුයි මුර සංචාරයේ යෙදී සිටින්නේ, ඔබ එය යුගල වශයෙන් කළහොත් එම පුද්ගලයා සැක සිතා තීරණය වෙනස් නොකරාවි” ඔහු පැවසීය. “එය එක අයෙක් අතර එක අයෙකුගේ සංවාදයක් නම් ජනතාව වඩාත් ආරක්ෂිතයි.”

ෂීගේ හට මෑතකදී කැමරා ඩ්රෝනයක් ලබාගැනීමට හැකිවූ අතර, ඔහුට එයින් පෙරට වඩා වේගයෙන් හා අධි බලැති ලෙස මෙකී පුද්ගල ගවේෂණ කටයුතු කල හැකිය.

“මට හැමෝටම කතා කරන්න ලැබෙන්නේ නැහැ ගිය අවුරුද්දේ 10 ක් පමණ පුද්ගලයින් මරණයට පත් උනා . 2016 දී එය 14 යි, 2015 දී එය 12 යි” ඔහු පවසයි

එක් දිනක කඳු මුදුනේදී ෂීගේ අතහැර දමා තිබූ කළු බෑගයක් දැක ඇති අතර ඔහු සිතා ඇත්තේ තව ජීවිතයක් බේරා ගැනීමට තමන් ප්රමාද වී ඇති බවය ඔහු බිය විය. ඔහු ඉතා ප්රවේශමෙන් අදාල ප්‍රදේශය තවත් යම් කිසි හෝඩුවාවක් සොයමින් පිරික්සන්නට වූයේ නැවත වරක් හෝ පෞද්ගලික දේපලක් සොයා ගන්න අරමුණෙනි .

“සමහර විට එය යමෙකුට පිටව යාමට අවශ්ය වූ බෑගය විය හැකිය” ඔහු පැවසීය.

එහෙත්, මල්ලේ පැහැදිලි ලෙස වැලි පිරී තිබිණි. ඔහු සැනසුම් සුසුමක් හෙලුවේය .ජපානයේ වඩාත් අවදානමට ලක්වූ ජනගහනය සිටින ෂිජර් හි නිවාස අහිමි වූවන්, වයෝවෘධයන්, ශාස්ත්රාලිකයන්ගේ තර්ජනයට ලක්ව සිටින්නන් සිටින පෙදෙස් වේ . ඔවුන් ෆුකූ ප්රාන්තයට දුම්රියෙන් ගමන් කරයි. ඔවුන් ඉතා සුළු මුදල් ප්රමාණයක් ගෙන යති. “ඔබ ස්වර්ගයට යනවා නම්, ඔබට මුදල් අවශ්ය නොවේ.” යන මතයක් ඔවුන් අතර වේ. ඔහු තවත් අත්දැකීමක් විස්තර කළ පරිදි මෙසේය. පසුගියඅන්තිම අගෝස්තු 31 වන දින සවස 6:20 පමණ ෂීගේට වයස අවුරුදු 17 ක් වයසැති ගැහැණු ළමයෙකු දැකගත හැකි විය. ෂීගේ ඇය හා කතාබස් කර පොළිස් මූලස්ථානය අසල පිහිටි කුඩා කාර්යාලයට ගෙනා අතර තව දුරටත් ඇයගෙන් ප්‍රශ්ණ කර සිටියේය. ඇගේ දෙමව්පියන් ඇයව අධ්‍යාපනය අතින් බොහෝ සාර්ථක කර ගැනීමට අව්ශ්‍ය බැවින් ඒ සඳහා ඇයට බොහෝ බලපෑම් කළ බවත් ඇය පැවසුවේය.

“පාසැල ඊයේ පටන් අරගත්තට මම මගේ ගෙදර වැඩ කළේ නැහැ. ඒ නිසා මට මහා අපහසුතාවයක් ඇති වුණා” යයි ඇය කීවාය. එදින උදෑසන පාසල වෙත ගොස් ඇය දුම්රියෙන් හා බස් රථයක් ගෙන මෙහි පැමිණ ඇත .ෂීගේ ඇගේ දෙමව්පියන් ඇමතූ අතර ඔවුන් ඇය රැගෙන යාමට පැමිණියේය.

“ඔබලාට වඩා වැදගත් ඇයගේ ජීවිතයද නැත්නම් උපාධියද දෙකින් කුමක්ද?” අසමින් අපි ඇයව භාර දුන්නා. ” ඔහු පවසයි

-ශ්‍යාම් ඩොන්

Related posts

ඇෆ්ගනිස්තානයට ලබාදෙන අරමුදල් නවතයි

colombotoday

කෝවිඩ් 19 මඬින්න නෙදර්ලන්තයේ සෞඛ්‍ය ඇමති විපක්ෂයෙන්

colombotoday

කච්චතිව් යලිත් ඉන්දියාවට ගන්න ජයලලිතාගෙන් අගමැති මෝඩිට ලිපියක්

colombotoday

ISIS පවුලක් ඉන්දුනීසියාවේ කිතුනු පල්ලි තුනක් පුපුරවා මරාගෙන මැරෙයි.. දෙවැනි දිනටත් අද තවත් ප්‍රහාරයක්..

colombotoday

“100% ක් මුස්ලිම් පල්ලි ත්‍රස්තවාදීන්ට උදව් කරනවා” – ඇමරිකානු ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්

colombotoday

බ්‍රිතාන්‍ය මන්ත්‍රී ඝාතනය ඉස්ලාමීය අන්තාවදී ක්‍රියාවක්

colombotoday