Colombo Today Local News

බිබිල ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුගේ ඉඩමකින් ජීව අත්බෝම්බ ඇතුළු උපකරණ අත්අඩංගුවට

බිබිල මැදගම පොලිස් වසමේ ගොඩිගමුව මුස්ලිම් ගම්මානයේ හිස් ඉඩමක ගල් බෙනයක් තුළ සඟවා තිබූ විදේශීය රටක නිෂ්පාදිත පතොරම් තුවක්කුවක් සහ SFG වර්ගයේ ජීව අත්බෝම්බ දෙකක් ඊයේ  (6) අත්අඩංගුවට ගෙන ඇත. 

ශ්‍රී ලංකා යුද  හමුදාවේ මාලිගාවිල ගැමුණුහේවා බලකායේ කපිතාන් ඩබ්ලිව්.යූ.ඇස් කුමාර මහතාට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී දෙදෙනෙකු සමඟ තුවක්කුව සහ අත්බෝම්බ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට මැදගම පොලීසිය කටයුතු යොදා ඇත. 

Related posts

ජනපති මෛත්‍රී අවසන් වරට ජාතිය අමතයි (LIVE)

colombotoday

හැට්ටකටු ගිල රෝහල් ගත කර ඉද්දී පැන ගිය සැකකරු අල්ලයි

Admin

“ත්‍රස්ත මර්ධන පනතක් හරි ගෙනල්ලා ඥාණසාර හිමි හිරේ දාන්න ඕන“ – බාහු

colombotoday

කන්න නැති රටවල් අතර ලංකාව හය වෙනි ස්ථානයට

Admin

ජන හා නිවාස සංගණනය ඇරඹෙයි

Admin

රිෂාඩ්ව අධිකරණයට රැගෙන එයි

colombotoday