Colombo Today Local News

බස්රථවල පාර්සල් ප්‍රවාහනය තහනම්, අනවශ්‍ය ගමන්බිමන් එපා…

රට තුල ඇතිවී තිබෙන තත්ත්වය විමසිල්ලට ගනිමින් යලි දැනුම් දෙන තුරු බස් හා දුම්රිය ඔස්සේ පාර්සල් ප්‍රවාහනය කිරීම නතර කිරීමට අදාළ වගකිවයුතු අංශ තීරණය කර තිබෙනවා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය නිවේදනය කරන්නේ පෞද්ගලික බස් රථ ඔස්සේ භාණ්ඩ හා පාර්සල් ප්‍රවාහනය නතර කිරීමට දැනටමත් පියවර ගෙන ඇති බවයි.

මේ අතර රටේ මතුව තිබෙන තත්ත්වය හමුවේ ගමනා ගමනයේ යෙදෙන මගී ජනතාව ආරක්ෂාව සම්බන්ධව සැළකිලිමත් වන ලෙස සමස්ථ ලංකා බස් මගී සංගමය අවධාරණය කරයි.

එසේම අත්‍යාවශ්‍ය නොවන ගමන් වල නොයෙදී නිවෙස් වලටවී සිටීමට හැකි නම් ඒ වැදගත් බවත් බස් මගී සංගමය පවසයි.

Related posts

නායයෑම් අවදානම් ස්ථානවලින් ඉවත් නොවන පුද්ගලයින්, බලය යොදා ඉවත් කරනවා

colombotoday

මුලතිව් තවත් අක්කර 279ක් මුදාහැරේ !

colombotoday

එජාප, ශ්‍රීලනිප මැයි රැළියට සෙනග අදින්න බස් 4000ක්.. ලංගම නිවාඩුත් අවලංගුයි

colombotoday

විදුලි ඉංජිනේරුවරු දැඩි ක්‍රියාමාර්ගයකට යයි

colombotoday

ආයුර්වේද සංශෝධන පනත ව්‍යවස්ථාවට අනුකූල නැහැ – ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි

Admin

අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක මිල ගණන් සතොස පහළ දමයි

colombotoday