Colombo Today Local News

බස් රථයක බෝම්බ පුපුරවා තිදෙනෙකු ඝාතනය කිරීම.. ද්‍රවිඩ ජාතිකයන් හතරකට පස් වසරක සිර දඩුවමක්

2008 වසරේ මහනුවර, පොල්ගොල්ල ප්‍රදේශයේ මගී බස් රථයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර  තුන් දෙනෙකු මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ද්‍රවිඩ ජාතිකයින් හතර දෙනෙකුට කොළඹ මහාධිකරණය වසර 10 ක සිර දඬුවමක් නියම කරමින් එය වසර 05 කින් ගෙවි යා යුතු බව නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණය හමුවේ කියා සිටියේ තමන් මෙම චෝදනාවලට වරද පිළිගන්නා බවයි.

ඒ අනුව විත්තිකරුවන්ට වසර 10ක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එය වසර පහකින් ගෙවිය යුතු බවට නියම කළේය.

ඊට අමතරව රුපියල් විසි දහසක දඩයක් ද නියම කරන බව මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේය.

2008 වසරේ ජනවාරි මස 6 වනදා මහනුවර පොල්ගොල්ල ප්‍රදේශයේ  මගී බස් රථයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට තුන් දෙනෙකු මරා දැමීම සම්බන්ධයෙන් විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව නීතිපතිවරයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරා තිබුණි.

Related posts

නිර්පාක්ෂික අරගලයට 09වැනිදා ජවිපෙ සහ පෙරටුගාමී සහාය ඉල්ලයි

colombotoday

ශ්‍රී ලංකන් ප්‍රතිසංවිධානයට ජනපතිගෙන් කමිටුවක්… සභාපති ඉරාන්…

colombotoday

ගානියා ප‍්‍රැන්සිස්ට දුරකථන ලැබුනේ ආහාර පාර්සල් තුල සඟවා බවට සැකයක් – අහාර සපයා ඇත්තේ ස්විස් තානාපති කාර්යාලයෙන්.

colombotoday

ජනපති මැදුරට හා අරලියගහ මැදුරට ඇතුළු වූ 2ක් අත්අඩංගුවට

colombotoday

දකුණු පළාතේ සිසුන් 200ට අඩු පාසල් ලබන 15 විවෘත කරයි

colombotoday

මෝටර් වාහන පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin