Colombo Today Local News

බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරු 19කට ස්ථාන මාරු

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ජේලර්වරු 19 දෙනෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට ක්‍රියාකර තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ද එම තනතුරෙන් ඉවත්කොට දුම්බර බන්ධනාගාරයට මාරු කළ බවය.

ප්‍රධාන ජේලර් තනතුර සඳහා නිලධාරීන් 6 දෙනෙක් අලුතෙන් පත්කළ බවද ඔහු පැවසීය.

මේ අතර, සිරකරුවෙකුට හෙරොයින් ග්‍රෑම් 7ක් ලබාදුන් බූස්ස බන්ධනාගාරයේ නියාමකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම නියාමකගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

එසේම මැගසින් බන්ධනාගාරය තුළ සිදුකළ මෙහෙයුමකදී ජංගම දුරකථන 14ක් සොයා ගෙන තිබේ.

Related posts

මුලතිව් ගුරුකන්ද විහාරයේ වස් ආරාධනා පින්කම නවත්වන්න මුලතිව් පොලීසිය දැනුම් දෙයි

colombotoday

විජයකලාගේ මැරයෝ නිවැසියන් එළියට ඇද දමා කොල්ලුපිටියේ නිවසක් අල්ලාගෙන

colombotoday

පොදු ප්‍රවාහන සේවා වලට විද්‍යුත් ටිකට් පතක්

Admin

ඉතාලි නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයා නාවික හමුදාව මුදවා ගනියි.

colombotoday

ක්‍රිකට් ලෝක කුසලානය ගැන මරික්කාර්ගෙන් අනාවැකියක්…

colombotoday

නුවරඑළියටත් විශ්වවිද්‍යාලයක්

Admin