Colombo Today Local News

බදියුදීන් මීගමුව බන්ධනාගාරයට

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය රිශාඞ් බදියුදීන් නිරෝධයනය සඳහා යොමු කර තිබෙනවා.

ඒ සඳහා ඔහු මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයට ඊයේ රාත‍්‍රියේම මාරු කළ බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය පැවසුවේ. බන්ධනාගාර ගත වන සියලූ‍ රැඳවියන් දින 14 ක් නිරෝධනයට ලක් කෙරෙනවා.

රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය රිශාඞ් බදියුදීන් රඳවා තැබිය යුත්තේ කොළඹ මැගසින් බන්ධනාගාරයේයි. කොළඹ බන්ධනාගාර වල රඳවා තැබෙන රැඳවියන් දින 14 ක නිරෝධායනයට යොමු කරනු ලබන්නේ මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේයි.

ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය රිශාඞ් බදියුදීන් ද පල්ලන්සේන බන්ධනාගාරයට යොමු කළ බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය කියා සිටියේ.

එම බන්ධනාගාරයේ වෙනම සිර මැදිරියක විශේෂ ආරක්ෂාවක් යටතේ හිටපු අමාත්‍ය රිශාඞ් බදියුදීන් රඳවා සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

Related posts

ආයුර්වේද පනත බලාත්මකයි

Admin

විදුලි බිල නගී.. 66% ගාස්තු සංශෝධනයට බිල වැඩි වෙන්නේ මෙහෙමයි

Admin

වරායේ සිරවී ඇති සහල් කන්ටේනර් නිදහස් කර ගන්න ඩොලර්

colombotoday

සියලුම ගර්භනී මව්වරුන්ට කොවිඩ් මර්දන එන්නත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කරයි

colombotoday

ඉන්දු පැසිපික් කලාපයේ වටිනාම භූමිය ඇත්තේ ශ‍්‍රී ලංකාවේ – ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය කියයි

colombotoday

පාර්ලිමේන්තුව අවට ප්‍රදේශය වීඩියෝ කළ යාපනේ සහ නුවර දෙදෙනෙකු අත්අඩංගුවට!

Admin