Colombo Today Local News

පොලිස්පතිගේ කැපිල්ලට කොමිසමේ දැඩි අප්‍රසාදය

උසස් වීමේ අනුමැතිය ලැබූ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වන පාලිත සිරිවර්ධන සහ ගාමිණී පෙරේරා යන මහත්වරුන්ට පොලිස්පතිවරයා අදාළ පත්වීම් ලිපි භාර නොදෙන්නේ ඇයි දැයි ජාතික පොලිස් කොමිෂන් සභාව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ලේකම් පද්මසිරි ජයමාන්න මහතාගෙන් ලිඛිතව කරුණු විමසා තිබේ.

වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ධුරය සඳහා උසස් වීමේ අනුමැතිය දුන් ඔවුන් දෙදෙනාට ඊට සුදුසුකම් නැතිනම් එයද දක්වන ලෙස එම කොමිෂන් සභාව අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් කරුණු විමසා ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරයි.

ඊට අදාළ ලිපිය ඉකුත් 12 වැනි දින ජාතික පොලිස් කොමිෂන් සභාව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට යවා ඇති බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.
ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වන ඊ.යූ. ජයසූරිය, අනුර අබේවික්‍රම, ගාමිණී පෙරේරා, පාලිත සිරිවර්ධන හා මෙවන් සිල්වා යන නිලධාරීන් පස්දෙනා වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමට අදාළ අනුමැතිය ඉකුත් මාසයේදී ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් දෙන ලදී.

එහෙත් පොලිස්පතිවරයාගේ පෞද්ගලික හිත් අමනාප මත පාලිත සිරිවර්ධන සහ ගාමිණී පෙරේරා යන දෙදෙනාට එම උසස් වීමේ ලිපි ප්‍රදානය කිරීමට අකැමැත්තක් දක්වන බවද පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසයි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය මත පොලිස්පතිවරයාට ශ්‍රී ලංකා පොලිසිය තුළින් දැඩි අප්‍රසාදයක් මතු වෙමින් තිබෙන බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

Related posts

අගමැති ඉන්දියාවේ වන්දනාවකට යයි !

colombotoday

වනාතවිල්ලුවේ මහා පරිමාණ කසිප්පු ජාවාරමකට තිත…

colombotoday

“රණවිරු දඩයම“ ගැන රජයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

කොටි ප්‍රහාරවලිවන් මිය ගිය ඉන්දීය සාම සාදක හමුදාව යාපනයේදී සමරයි

colombotoday

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මුදල් අමාත්‍යංශයේ වැඩ බාරගැනීම සහ ජාතිය ඇමතීම අද

colombotoday

අප්‍රේල් 18 තෙක් මදුෂ් ලංකාවට පිටුවහල් කරන්නේ නෑ

colombotoday