Colombo Today Local News

පොලිස් අත්අඩංගුවට පත් කාන්තාවක් රෝහල්ගත කළ පසු මියයයි

මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් කාන්තාවක් පොලිස් අත්අඩංගුවේදී මියගිය බවට චෝදනා කරමින් ඇයගේ ඥාතීන් පිරිසක් ඊයේ (16)දින හික්කඩුව පොලීසිය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත විය.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇති වූ අසනීප තත්ත්වයක් මත කාරපිටිය රෝහලට ඇතුළත්කර සිටියදී ඇය මියගොස් තිබේ.

හික්කඩුව කලුපේ ප්‍රදේශයේ 52 හැවිරිදි කාන්තාවක් පසුගිය 13 වැනිදින හික්කඩුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවකට අදාළවය.

පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීම් අතරතුරදී අදාළ සැකකාරියට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය කාරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර එම කාන්තාව ඊයේ පස්වරුවේ මියගොස් ඇති බව වාර්තා විය.

සිද්ධිය සැළවීමත් සමඟ මියගිය කාන්තාවගේ පවුලේ ඥාතීන් විසින් හික්කඩුව පොලිස් ස්ථානය ඉදිරිපිටදී විරෝධතාවයක නිරතවූයේ පොලීසිය සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇය මිය ගිය බවට චෝදනා කරමිනි.

ඇයගේ මරණයට හේතුව මෙතෙක් නිශ්චිතව තහවුරු වී නොමැති අතර සිද්ධිය පිළිබඳව විමර්ශන ක්‍රියාත්මකය.

Related posts

ජනපතිගේ නියම ස්වරූපය එළිවුණා… ජාතික රජයේ අපෙක්ෂා විනාශ කරේ ඔහුයි – රාජිතගෙන් චෝදනා

colombotoday

කොටින්ට රැකවරණ දී හසුවූ රුකී ප්‍රනාන්දු ත්‍රස්ත විමර්ශනයෙන් ප්‍රශ්න කරයි.. කැෆේ කිපේ

colombotoday

පිපිරීම වූ නිවසෙන් තවත් මෝටාර් උණ්ඩ තොගයක් හමු වෙයි

colombotoday

බැංකු නිලධාරිනියගේ නිවෙසට පැන දේපල කොල්ලකාලා

Admin

දේශපාලන අර්බුධය හමුවේ රුපියල ඓතිහාසික වාර්තාවක් තබයි..

colombotoday

බාල ප්‍රමිතියේ පිළිකා එන්නත් තොගයක් ගෙන්වලා.. මිලියන 986 ටෙන්ඩරය හිතවතෙකුගේ සමාගමට !

colombotoday