Colombo Today Local News

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග කලාවැවේදී මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට….

ධාතුසේනපුර කලාවැව දියවර ගම්මානයේ අද (06) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය රැසක් සමඟ මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට ගත්බව ඉපලෝගම පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කලාවැව විජිතපුර පදිංචි 50 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකි.

ඉපලෝගම පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබුණි.

ඩෙටනෙටස් 145 ක්,වෙඩි බෙහෙත් සහිත සේවා නුල් මීටර් 786 ක්,ජෙලිග්නයිට් කරල් 243 ක්,වෙඩි බෙහෙත් කිලෝ 12 ක් සහ ඇමෝනියා නයිට්රේට් කිලෝ 36 යි ග්‍රෑම් 600ක් පොලිසිය විසින් අත්අඩංගුවට සොයාගෙන තිබේ.

සැකකාර මුස්ලිම් ජාතිකයා හෙට 07 කැකිරාව  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

පොඩි මැණිකේ පිලීපනී

Admin

යුද බිය තුරන් කර සාමය කැන්දූ සේනාධිනායකයා අද 71 සමරයි !

colombotoday

විශ්‍රාමයාමේ වයස් සීමාව ඉහළට

colombotoday

මැති සබේ ජල-විදුලි වියදම කෝටි 8 ක්

colombotoday

කොළඹ තදබදයට කඩිනමින් විසදුමක්- ‘Park and Drive’ ළඟදීම

colombotoday

“තම හමුදාව එරෙහිව බොරු සාක්ෂි දුන් එකම ෆීල්ඩ්මාර්ෂල්..” ෆොන්සේකා ඉතිහාසගතවෙයි !!

colombotoday