Colombo Today Local News

පුත්තලම කාසන්තිව් රජයේ කැලෑව ඩෝසර් කරලා

පුත්තලම කාසන්තිව් රජයේ කැලෑව නීති විරෝධී ආකාරයෙන් ඩෝසර් කරමින් තිබියදී අද (17) දින ඒ සඳහා යොදා ගත් යන්ත්‍ර සූත්‍ර අත්අඩංගුවට ගත් බවත් මෙම කටයුතු මෙහෙයවු සැකකරුවන් සම්බන්ධව අධිකරණයට වාර්තා කරන බවත් පුත්තලම දිසා වන නිලධාරි භාරත දිසානායක මහතා පවසයි.

පුත්තලම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් මනතිව් ග්‍රාම නිළධාරි වසමට අයත්  කාසන්තිව් රජයේ කැලෑවට මෙසේ ඩෝසර් යන්ත්‍ර තුනක් යොදා ගනිමින් කඩොලාන සහිත භුමියද ඇතුළු අක්කර 40 කට ආසන්න භුමියක් මෙසේ ඩෝසර් කර ඇති බව වන සංරක්ෂණ නිළධාරින් පවසයි.

මෙම ප්‍රදේශය රක්ෂිත වනාන්තරයක් කිරීමට සුදානම් කර තිබියදී මෙම විනාශය සිදුකර ඇති බව පරිසරවේදින් චෝදනා එල්ල කරයි.

අදාල ඩෝසර කිරීම සිදුවන අවස්ථාවේ  එය වැටලිමට ගිය  වන ජීවි නිළධාරින්ගේ සහායට පුත්තලම විශේෂ කාර්ය බළකා නිළධාරින්ද එක්විය.

Related posts

ශ්‍රී ලංකන්-මිහින් ලංකා දූෂණ හොයන ජනපති කොමිසම පත්කෙරේ.. ජනපති ගැසට් පත්‍රයට අත්සන් තබයි

colombotoday

ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධානපෙළේ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට

colombotoday

ප්‍රංශයේ සිට ඇවිත් කලබල කල ගෝඨා ගෝ හෝම් සංවිධායකයකු අත්අඩංගුවට

colombotoday

බිරිදට උදැල්ලකින් පහරදි සැමියා ගෙවත්තේ ලිද තුළ ගෙළ වැළලාගෙන

colombotoday

මත්පැන්-දුම්වැටි භාවිතා නොකරනවන්නම් කොවිඩ් එන්නත ලබා දෙන්න

colombotoday

හිටපු ජනපති MKDSගේ අවමගුලේදී මාධ්‍යවේදීන්ට පාඩමක් කියා දෙයි!

colombotoday