Colombo Today Local News

පිරිමි දරුවෙක් අපයෝජනය කළ නැටුම් ගුරුවරයා අත්අඩංගුවේ

පිරිමි දරුවෙක් අපයෝජනය කළ නර්තන ගුරුවරයෙක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති, මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා විසින් මේ බව නිවේදනය කරයි.

මේ සම්බන්ධයෙන් අධිකාරියට ලද පැමිණිල්ලක් මත මෙම ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

එම බාලයස්කාර දරුවා දැඩි මානසික අපයෝජනයකට ද ලක්වී ඇති බව අනාවරණය වී ඇත.

2019 වර්ෂයේ අගභාගයේ දී ක්‍රීඩාංගනයක පැවති වෙස් මංගල්‍යයක පුහුණුවීම් අතරතුර දිනක රාත්‍රී මෙම දරුවා ඔවුගේ මෝටර් රථයේ නංවාගෙන කෑම ගෙන ඒම සඳහා ගිය බවත්, ඒ අවස්ථාවේ දී ඔහු දරුවාට මත්ද්‍රව්‍යයක් මිශ්‍ර බීමක් පානය කිරීමට සලස්වා බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කළ බවත් අනාවරණය වී තිබේ.

තවද, එම සිද්ධියට ප්‍රථම මෙම නර්තන ගුරුවරයා බාල වයස්කාර ළමයින් තිදෙනෙක් ඇතුළු 11 දෙනෙකුගේ කණ්ඩායමක් විදෙස් රටකට සංචාරයක් සඳහා රැගෙන ගොස් ඇත.

එම සංචාරයේ දී එක් බාලවයස්කාර පිරිමි දරුවෙකු අපයෝජනයට ලක් කිරීමට මෙම ගුරුවරයා උත්සහ දරා ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

Related posts

මැතිවරණ පැමිණිලි සඳහා වෙනම මධ්‍යස්ථානයක් පිහිටුවයි

colombotoday

මහ රජාණෝ යුද්ධෙ දිණුවේ තනියම නෙවෙයි.. දස මහ යෝධයෝ වගේ අපි හිටිය

colombotoday

දිවයින් පුරා සියලු ආර්ථික මධ්‍යස්ථාන තවත් දින 2ක් විවෘතයි

colombotoday

නාකොටික් නිලධාරීන්ගේ වැඩ ගැන පුළුල් විමර්ශනයක්

colombotoday

ලං.වි.ම. ඉංජිනේරුවන්ගේ වැටුප 15%කින් කපා දමයි…

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

Admin