Colombo Today Local News

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සාක්ෂි දෙන්න නෙල්ලිගල හිමියන් ජනපති කොමිසමට

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන්, පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ අද යළි සාක්ෂි ලබාදීමට නියමිතයි.

පාස්කු ප‍්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම්, 2017 වසරේදී නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙත අවස්ථා 03 කදී පැමිණ ඇති බවයි උන්වහන්සේ සඳහන් කළේ.

මේ අතර හිටපු අමාත්‍ය සාගල රත්නායක ද පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකය වෙත ඊයේ පැමිණ පැය 10 ක ප‍්‍රකාශයක් ලබාදුන්නා. මේ අතර පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයාබැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනීසිටින ලෙස හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට ද ඊයේ කැඳවීමක් කර තිබුණා.

එහෙත්, ඒ මහතා ඊයේ දිනයේදී පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටියේ නැහැ.

Related posts

දිවයිනපුරා විදුලිය බිඳ වැටීම විමර්ශනයට රාජ්‍ය බුද්ධි සේවාවෙන් කණ්ඩායමක්

Admin

කොටි සැකකරුවන් නිදහස් කරගැනීම ගැන TNA ජනපති සමග සාකච්ඡා…

colombotoday

වෙබ් මාධ්‍යවේදියාට ඇප

colombotoday

මිණිය වළලන්න ගිය 25කට හෙන ගහලා

colombotoday

මෙරටින් රැගෙන ගිය රත්‍රං කිලෝ 8ක් ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ට කොටුවෙයි

Admin

ගුරු ස්ථාන මාරු හා අනුයුක්ත කිරීම්වලට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

colombotoday