Colombo Today Local News

පාතාල කල්ලි සාමාජික ඉන්ද්‍රගේ ප්‍රධාන ගෝලයකු වන අක්කු අත්අඩංගුවේ

රක්ෂිත බන්ධනාගාරගතව සිටින ඉඳුනිල් කුමාර නොහොත් ඉන්ද්‍ර නමැති පාතාල කල්ලි සාමාජිකයාගේ ප්‍රධාන ගෝලයෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය විසින් හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ දී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ තනිප්පුලි ආරච්චිගේ දසුන් බුද්ධික ජයතිලක නොහොත් ‘අක්කු’ යන පාතාල සාමාජිකයා සහ තවත් දෙදෙනෙක් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් සතුව ව්‍යාජ පිස්තෝලයක්, කඩු 03ක්, කිනිස්සක් සහ කේරළ ගංජා ග්‍රෑම් 325ක් තිබී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා හංවැල්ල පොලිස් ස්ථානය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

Related posts

මීළඟ IMF සාකච්ඡා වටයේදී පළමුවෙන් සහන රාජ්‍ය සේවකයන්ට

Admin

රතන හාමුදුරුවෝ මන්ත්‍රීධූරය ඩැහැ ගන්න හදනවා. ඒ නිසා නඩු දැම්මා – අපේ ජනබල පක්ෂය සභාපති කියයි

colombotoday

කල්පිටියේ අටක් ඉන්දිය ආරක්ෂක අංශ අත්අඩංගුවට

Admin

ගෑස් නැවතත් ගණන් උස්සයි… රුපියල් 195කින් ඉහළට…

colombotoday

ගොඩබෑම අත්හිටවූ ලිට්‍රෝ නැවත තත්ව පරීක්ෂණයක් ඉල්ලයි

colombotoday

වැඩි කැමැත්ත අකිලට ලු !

colombotoday