World

පාකිස්ථානයේ බස් බොම්බයකින් 11ක් මරුට බිළි.

bus-bomb පාකිස්තානයේ ක්වෙට්ටා නගරයේ බස් රථයක සිදු වූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා. එරට ආරක්ෂක අංශ සඳහන් කරන්නේ තවත් පුද්ගලයින් විසි දෙදෙනෙකු ඉන් තුවාල ලබා ඇති බවයි. එම බෝම්බය බස් රථයේ වහලය මත අටවා ඇති බවට බටහිර නගරයේ උසස් පොලිස් නිලධාරියෙකු පවසනවා.කෙසේ වෙතත් එම ප්‍රහාරයේ වගකීම මේ වන තෙක් කිසිවෙකුත් භාරගෙන නැහැ. එරට රජය සඳහන් කරන්නේ බලූකිස්තාන පළාතේ බෙදුම්වාදී ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් එම ප්‍රහාරය සිදු කර ඇති බවට සැක පළ කරන බවයි. එමෙන්ම ත්‍රස්තවාදී ප්‍රහාර නිරන්තරයෙන් සිදුවීම හේතුවෙන් මේ වන විට සාමාන්‍ය වැසියන් පීඩාවට පත්ව ඇති බව ද ඔවුන් සඳහන් කරනවා.එරට ආරක්ෂක අංශ සඳහන් කරන්නේ ත්‍රස්තවාදීන් සාමාන්‍ය ජනතාව ඉලක්ක කර ගනිමින් නිරන්තරයෙන් මෙවැනි ක්‍රියාකාරකම්වල නිරතවන බවයි. පළාත් අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අහිංසක ජනතාව ඉලක්ක කර ගනිමින් සිදු වූ එම බෝම්බ ප්‍රහාරය ඉතා බියකරු ක්‍රියාවක් බවයි.

Related posts

ඉන්දියාවේ කොවිඩ් ප්‍රතිකාර රෝහලක ගින්නක් – රෝගීන් 13ක් මරුට

colombotoday

ලොව ජ්‍යේෂ්ඨම කාදිනල් ජෝර්ජ් පෙල් ළමා අපචාර චෝදනාවට අභියාචනයේදීත් වැරදිකරු වේ.

colombotoday

පුද්ගලයින් 06 දෙනෙක් ගමන් කරමින් සිටි හෙලිකොප්ටර් යානයක් අතුරුදන්

Admin

ඉන්දියාව දින 40 කට පසු සීමා ලිහිල් කරයි

colombotoday

ඇෆ්ගනිස්තාන හමුදා භටයින් දහස් ගණනක් තජිකිස්තානයට පළායයි

colombotoday

ජගත් ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි

Admin