Colombo Today Local News

පල්ලියේ ලෙබ්බේ දුෂණය කළ මුස්ලිම් කාන්තාවකගේ පාපොච්චාරණය

යාගයක් සිදු කරණ මුවාවෙන් නිවසට පැමිණ මුස්ලිම් පල්ලියේ ලෙබ්බේ තමාව දුෂණය කළ බව පවසමින් මුස්ලිම් කාන්තාවක් අන්තර්ජාලයට වීඩියෝවක් මුදා හැර තිබෙනවා.

මේ සිදුවීම පිළිබඳව Colombo Today සිදුකල සොයා බැලීමකදී වාර්තා වුවේ අදාළ කාන්තාව තරුණ වයසේදී සිංහල තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගැනීම හේතුවෙන් යාගයක් සිදුකර එම ප්‍රේම සම්බන්ධය නැති කර දැමීම සඳහා ලෙබ්බේ වරයා දෙමව්පියන් විසින් නිවසට රැගෙන විත් ඇති බවයි.

එම අවස්ථාවේදී නිවැසියන් කාමරයෙන් ඉවත් කර, දොර වසාගෙන, යාගය සිදුකරණ බව නිවැසියන්ට අඟවා මෙම කාන්තාව දුෂණය කර තිබෙනවා. මෙම සිදුවීමෙන් පසුව ප්‍රේම සම්බන්ධය තිබූ සිංහල තරුණයා ඇයව විවාහ කරගෙන කැනඩාවේ පදිංචියට ගොස් තිබෙනවා. මේ වන විට ඔවුන්ට දරුවන් දෙදෙනකු සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

තමාව ලෙබ්බේ විසින් දුෂණය කළ බව දෙමව්පියන්ට පැවසීමෙන් පසුව ෂරියා නීතියට අනුව කසපහර ලබා දී නැවත තමාව ආගමට ගැනීමට පුළුවන් යැයි දෙමව්පියන් පැවසූ බව අදාළ කාන්තාව 2015 වසරේදී නෙත් FM බැලුම්ගල වැඩසටහනට පවසා තිබෙනවා.

Related posts

විදුලිබල ලේකම් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

Admin

වන්දි ලබාදීමේ පනත සම්මත කිරීම දේශද්‍රෝහී ක්‍රියාවක් යැයි ඊනියා දේශප්‍රේමීන් පවසනවා – සජිත් ප්‍රේමදාස

colombotoday

සබරගමුව ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි

Admin

මාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතනවලට අදාළව පවතින නීති සංශෝධනයට නව කමිටුවක්

colombotoday

රුවන්වැල්ලේ ගංවතුරට කොටුවූ පිරිසක් මුදා ගනී

colombotoday

හන්තානත් එළිපෙහෙළි කරයි එනසාල් වගාවක්ලු.. දේශපාලඥයෙක්ගේ සහය

colombotoday