Colombo Today Local News

නියෝමාල් රංගජීව ඡායාරූප ගනිමින් සිටි මාධ්‍යවේදියෙක් ඇදගෙන යයි

වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්තිකරුවකු වන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා විසින් තමන්ට අමානුශික ආකාරයෙන් සැළකු බවට චෝදනා කරමින් ඡායාරූප මාධ්‍යවේදියෙකු විසින් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මව්බිම පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදී අකිල ජයවර්ධන මහතා විසින් මෙම පැමිණිල්ල කොළඹ මහාධිකරණයේ පොලිස් මුරපොළ වෙත යොමු කර ඇත.

පැමිණිලිකාර මාධ්‍යවේදියා කියා සිටින්නේ තමා නඩු විභාගයන් ආවරණය කිරීම සඳහා කොළඹ මහාධිකරණ පරිශ්‍රය තුළ රැඳී සිටි බවය.

එම අවස්ථාවේ ඡායාරූප ගනිමින් සිටි තමන්ව පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා විසින් බලහත්කාරයෙන් අධිකරණ පොලිස් මුරපොළ වෙත ඇදගෙන ගොස් එහිදී පහරදීමට තැත් කළ බව මාධ්‍යවේදියා සිය පැමිණිල්ලෙන් චෝදනා කර ඇත.

එමෙන්ම මාධ්‍යවේදියා සතුව තිබූ කැමරා චිප් දෙකක්ද ඔහු විසින් ලබාගැනීමට කටයුතු කර තිබෙන බවද එම මාධ්‍යවේදියා සිය පැමිණිල්ලෙන් ප්‍රකාශ කර තිබේ.

මෙම සිද්ධිය පිළිබඳව විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් පරීක්ෂණ ආරම්භ කර ඇත.

Related posts

කන්කසන්තුරයේදී පොලිස් නිලදාරියෙකුට පහරදෙයි දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

ගෝටාගේ පාස්පෝට් ගැන කොළඹ අපරාධ කොට්ඨාශයෙන් පරීක්‍ෂණ ඇරඹේ..

colombotoday

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහකොමසාරිස් ජනාධිපති හමුවෙයි

colombotoday

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා අද කැබිනට් මණ්ඩලයට

Admin

නවසීලන්තයේ භූකම්පනයක්

Admin

යුද අපරාධ ලොක්කා මේ සතියේ ලංකාවට එයි.. කොටි ඩයස්පොරාව, NGO සතුටින් !!

colombotoday