Colombo Today Local News

නැව්වලින් එන මගීන්ට රටට ඇතුළුවීමේ තහනමක්

දිවයින පුරා පිහිටි සියලුම වරාය වෙත පැමිණෙන මගී ප්‍රවාහන නෞකාවල මගීන් රටට ඇතුළුවීම තහනම් කර තිබේ.

සෞඛය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද(03) උදෑසන සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ශ්‍රී ලංකා වරාය අධිකාරියට දැනුම් දී ඇත.

කෝවිඩ් -19 වෛරසය රටට ඇතුළුවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

නිරෝධායන සහ රෝග වැළැක්වීමේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට පැවරී ඇති බලතල අනුව අද දින සිට මගී නෞකාවලින් මගීන් ගොඩබීමට බැස්සවීම තහනම් කර ඇති බවත් වෛද්‍යවරයා මෙහිදී පැවසීය.

Related posts

බත් පැකට්ටුවෙයි කිරි තේ කොප්පෙයි මිලත් ඉහළට

colombotoday

ETF – EPF ස්වාධීන මණ්ඩලයක් යටතට ගන්න යයි

Admin

මුස්ලිම් නායකයන් දේශප්‍රේමී වීරයන් ලෙස නම් කරන්න ඉල්ලයි

colombotoday

කරාපිටියේ වෛද්‍යවරයෙක් ස්කෑන් පරීක්ෂණයට ගිය දැරිය අපයෝජනය කරලා

colombotoday

ඩීසල්-පෙට්‍රල් නැව් 2ක් ළඟ එනවා – ඇමති කංචන යලි කියයි

colombotoday

“ඇඹිලිපිටියේ ගව මස් විකිණිමට කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ” -ඇඹිලිපිටිය නගරධිපති

colombotoday