Colombo Today Local News

මුස්ලිම් නායකයන් දේශප්‍රේමී වීරයන් ලෙස නම් කරන්න ඉල්ලයි

යටත් විජිත සමයේ බ්‍රිතාන්‍යයට එරෙහි අරගලයේ දී දේශද්‍රෝහීන් ලෙස ප්‍රකාශයට පත්කර ඇති මුස්ලිම් නායකයින් ද දේශප්‍රේමීන් ලෙස ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන මෙන් පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ රාජ්‍ය අමාත්‍ය එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියි.

ඔහු පෙන්වා දෙන්නේ 1818 වසරේ කැරැල්ල මෙහෙය වූ කැප්පෙටිපොල අධිකාරම් ඇතුළු උඩරට නායකයන් දේශද්‍රෝහීන් ලෙස ප්‍රකාශයට පත්කරමින් බ්‍රිතාන්‍ය පාලනය විසින් 1818 වසරේ ජනවාරි 10 වනදා නිකුත් කරන ලද ගැසට් නිවේදනය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2016 දෙසැම්බර් මස 08 වැනි දාතමින් කොළඹදී අස්සන් තබන ලද විශේෂ ප්‍රකාශයෙන් ප්‍රත්‍යාදිෂ්ට කර අවලංගු කරනු ලැබ ඇති බවයි.

එහෙත් අරගලයට එක්වූ ත්‍රීකුණාමලයේ සහ මඩකලපුවේ ජීවත් වූ මුස්ලිම් නායකයින් හත් දෙනෙකු තවදුරටත් දේශද්‍රෝහීන් ලෙස නම්කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

රටේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම සඳහා බ්‍රිතාන්‍යයට එරෙහිව අරගල කළ මෙම නායකයින් දේශද්‍රෝහීන් ලෙස ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය ද අවලංගු කරන ලෙසට ඔහු ජනාධිපතිවරයාට ලිපියක් යවමින් ඉල්ලා ඇත.

මොහොම්මදුලා, හජ්ජිලා නිදහස් සටන පාවා දුන් හැටි

Related posts

ආර්ථික අහේනිය නිසා දියවන්නාවේ මාළු ඇල්ලීම වැඩි වෙලා

colombotoday

බොදු බල සේනා මාතලේ දිස්ත්‍රික් සමුළුව හෙට නාඋලදී – පක්ෂ විපක්ෂ දේශපාලකයෝ කඩාකප්පල් කිරීමේ මෙහෙයුමක

colombotoday

යාල්දේවි හෙට සිට යළි ගමන් අරඹයි

colombotoday

බන්දුලගෙන් රවීට අභියෝගයක් !

colombotoday

“එක රණවිරුවෙක්වත් අපි හිරේ දාල නෑ.. මේක රණවිරුවන්ට ගෞරවය දෙන ආණ්ඩුවක්“ – මරික්කාර්

colombotoday

විමර්ශනයක් ඉල්ලා කංචන CID යයි

colombotoday