Colombo Today Local News

දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 70 % ඉක්මවයි !

දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය පස්වරු 2 පමණ වනවිට 70% ඉක්මවා තිබේ.

ඒ, අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 70% ක් බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී දමයන්ති පරණගම මහත්මිය සඳහන් කළා ය.

හම්බන්තොට, රත්නපුර සහ මාතලේ දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ද 70% කි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින්ගෙන් 72% ක් මේ වනවිට ඡන්දය ප්‍රකාශ කර තිබේ.

පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පස්වරු 2 පමණ වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 65% කි.

පස්වරු 12 පමණ වනවිට

මේ අතර යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 44ක් වන අතර කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 49කි.

එසේම මන්නාරම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 48ක්, මඩකලපුව සියයට 40ක් හා ත්‍රිකුණාමලය සියයට 48ක් වේ.

මේ අතර පස්වරු 12 පමණ වනවිට යාපන දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශයත සියයට 44ක් වන අතර කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 49කි.

එසේම මන්නාරම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 48ක්, මඩකලපුව සියයට 40ක් හා ත්‍රිකුණාමලය සියයට 48ක් වේ.

Related posts

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද දිනයේ සිදුකරන එන්නත්කරණය

colombotoday

බදියුදීන් ගේ නිවසට පොලිස් කණ්ඩායමක් යයි

colombotoday

ශ්‍රී ලංකාවේ දෙවැනි නැනෝ චන්ද්‍රිකාව කක්ෂගත කරයි

colombotoday

පුරාවිද්‍යා භූමියක් වනසා අන්තවාදී අරාබි පාසලක් හදලා… පාසල් බිමෙන් චෛත්‍යක කොටස් හමුවෙයි…

colombotoday

ගාලුමුවදොර යන ශ්‍රීලනිප මන්ත්‍රීන් ගැන මේ පාරනම් තීරණයක් ගන්නවා !

colombotoday

“මම දුක් මහන්සියෙන් දියුණු වූ මිනිහෙක්.. ගම්මන්පිලට හොද පාඩමක් උගන්වනවා“ – රවී

colombotoday