Colombo Today Local NewsCovid 19

දිස්ත්‍රික්ක 6කට නැවත දැනුම්දෙන තුරු ඇඳිරිනීතිය. අටළුගම සහ අකුරණ ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස නම් කරයි.

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම ක්‍රියාත්මකව පවතී.

සෙසු සියළුම දිස්ත්‍රික්කවල හෙට, මාර්තු 30 සඳුදා උදෑසන 6.00ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය දහවල් 2.00ට නැවත පනවනු ලැබේ.

අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබේ.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා බැවින් එකී ක්‍රියාමාර්ග සහ උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

කළුතර දිස්ත්‍රික්කයේ අටළුගම සහ මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ගම්මාන සම්පූර්ණයෙන්ම හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇත. කවරකුට හෝ මේ ගම්මාන දෙකට ඇතුළුවීමට හෝ ඉන් පිටවීම හෝ සම්පූර්ණයෙන් තහනම් වේ.

Related posts

මහනුවර ඇසළ පෙරහැර ‍වෙනුවෙන් අනිද්දා සිට විශේෂ දුම්රිය සේවාවක්

Admin

බෝගම්බර බන්ධනාගාරයේ ප්‍රධාන වෛද්‍යවරයා රිමාන්ඩ් භාරයට….

colombotoday

ජනාධිපති ඇතුළු කිහිපදෙනෙක් ඝාතනය කරන බවට බූස්සේ සිර කර සිටින පාතාල කෙරුමන් දන්වයි

colombotoday

පාර්ලිමේන්තු මන්ත‍්‍රීලාට බදු සහන වාහන බලපත‍්‍.. නව මන්ත්‍රීවරුන් 79කට මුලින්ම

colombotoday

සිරගත රණවිරුවන්ට නිදහස, සහනාධාර වෙනුවට පොහොර නොමිළේ – ජන සන්නිපාතය මැද ගෝඨාගෙන් සහතිකයක්

colombotoday

උග්‍ර මන්දපෝෂණයෙන් ලංකාව දකුණු ආසියාවෙන් දෙකට එයි

colombotoday