Colombo Today Local News

බෝගම්බර බන්ධනාගාරයේ ප්‍රධාන වෛද්‍යවරයා රිමාන්ඩ් භාරයට….

ඉකුත් 29 වන දින බෝගම්බර බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා ප්‍රථිකාර ලබා ගැනීම සදහා පැමිණෙන කාන්තා අංශයේ රැදවියෙකු හට ජංගම දුරකථන ආරෝපණ හා ජංගම දුරකථන බැටරී 02ක් ලබා දෙන අවස්ථාවේ බන්ධනාගාර නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්ණ කිරීමේදී මෙවැනි ආකාරයට මීට පෙර අවස්ථාවල ජංගම දුරකථන කාන්තා රැදවියන්ට මුදලට විකිණු බව පිළිගෙන ඇත. සිදුවිම සම්බන්ධයෙන් ඉදිරී නිතීමට කටයුතු සදහා වෛද්‍යවරයා පල්ලේකැලේ පොලිසිය වෙත භාර දෙන ලදී.

ඒ් අනුව පසුගිය (30) වන දින සැකකරු තෙල්දෙණිය ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, නඩු අංක බී1563/21 යටතේ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙකු වශයෙන් සිටිමින් කාන්තා රැදවියෙකුට බන්ධනාගාරය තුළට රැගෙන යාමට තහනම් ද්‍රව්‍යක් වන ජංගම දුරකථන බැටරි 02ක් හා ජංගම දුරකථන චාජරයක් ලබාදීමේ චෝදනාව මත විමර්ෂණ කටයුතු අවසන් වන තෙක් සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරන ලදී.

නැවත සැකකරු මෙම මස 12 වන දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇති අතර, සැකකරු කෑගල්ල බන්ධනාගාරයේ රදවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව දන්වා සිටී.

Related posts

හිමිනමගෙන් කෝටි 2ක් ඉල්ලා පුත්තලම දිසා ලේකම් එන්තරවාසියක් යවලා

colombotoday

ත්‍රිරෝද රථ සේවා සංගමයෙන් ඇමතිට සංදේශයක්

colombotoday

ඥානසාර හිමිට ආරක්ෂාව ලබාදෙන්න ජනාධිපති කොමිසමෙන් නියෝග

colombotoday

පොලිස් නිලධාරීන් ඝාතනයට LTTE කන්නන් අත්අඩංගුවට

colombotoday

වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ අපවත් වෙති.

colombotoday

පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 35000ක් ගොඩබායි

colombotoday