Colombo Today Local News

තෝර මාළු හපන්න බෑ ගල් වගේ, බස්නාහිර සභාවේ කෑම සවුත්තුයි – මන්ත්‍රීන්ගෙන් මැසිවිලි

fat manබස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ට ලබා දෙන ආහාර ප්‍රමිතියෙන් තොර බවට මන්ත්‍රීවරුන්ගෙන් මැසිවිලි නැගෙමින් තිබේ. බස්නාහිර පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රී ප්‍රසන්න සංජීව මහතා ඊයේ පැවති පළාත් සභා රැස්වීමේ දී කෝපි වීදුරුවක් ගෙනැවිත් ප්‍රදර්ශනය කරමින් පැවසූවේ කෝපි වීදුරුවේ කෝපි නැති බවත්, ජලයට යම් වර්ණක් මිශ්‍ර කර ලබා දි තිබෙන බවත්ය.  ලබා දෙන ආහාර වල කිසිදු රසයක් නොමැති බවත් කලක පටන් මේ ආකාරයට ප්‍රමිතියෙන් තොර ආහාර ලබා දෙන බවත් මන්ත්‍රීවරයා  පැවසීය.

මෙහදී අදහස් දැක්වූ පාළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර මහතා සදහන් කළේ මන්ත්‍රීවරුන්ට ලබා දෙන තෝර මාළ වෙනදා මෙන් රස නැති බවයි. එසේම හැපීමට අපහසු පරිසි සකස් කළ තෝර මාළු ලබාදෙන බව කී මන්ත්‍රීවරයා ඒවා කළුගල් වැනි යැයි පවසා සිටියේ ය.

Related posts

අරක්කු මිල ඉහළට

Admin

දිනෙන් දින ඉහල යන උද්ධමනය

Admin

මහින්දගෙන් බදු බර අඩු කිරීම ගැන විශේෂ ප්‍රකාශයක්

Admin

‘අස්වැසුම’ දෙවැනි අදියරට තහවුරු කළ ප්‍රතිලාභීන්ගේ මුදල් බැංකුවට

Admin

විදුලිබල මණ්ඩලයේ වර්තමාන සේවක සංඛ්‍යාව 23,419ක්

Admin

රාජ්‍ය ආයතන පරිශ්‍ර තුළ බුලත්, පුවක්. දුම්කොල තහනම්… සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්…

colombotoday