Colombo Today Local News

තෙල් මිල සූත්‍රයට සමගාමීව බස් ගාස්තු මිල සූත්‍රයකුත් එයි…

ඉන්ධන මිල සූත්‍රයට සමගාමීව බස් ගාස්තු සංශෝධනය වන අයුරින් යම් ක්‍රමවේදයක් සකස් විය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

අපේක්ෂිත බස් ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත රජයෙන් විසදුමක් අපේක්ෂා කරන බව ඔහු පවසා සිටියි.

මේ අතර තවත් මාධ්‍ය හමුවකදී අන්තර් පළාත් බස් සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා පැවසුවේ මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල වෙනස් කිරීම මසකට වරක් සිදු නොකළ යුතු බවයි.

එමෙන්ම ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසන්නේ බස් ගාස්තු ඉහළ දමන්නේ නම් එය සියයට 4කින් පමණක් සිදුවිය යුතු බවයි.

Related posts

මාළු ගණන් උස්සයි

colombotoday

නීතිය සාමය මද්දුමබණ්ඩාරට දීම පිළිකුල්.. මහනුවර ගැටුම් ඇතිවුණේ නායකත්වයේ වරදින්

colombotoday

උපරිම සිල්ලර මිල – බර සටහන් කිරීම ඇතුළු තොරතුරු 7ක් අනිවාර්ය කරයි

colombotoday

අද රත්තරන් මිල අඩුයි

Admin

කාන්තන්කුඩි මුස්ලිම් ගැටුමේ මෙතෙක් පල නොවූ දර්ශන සහ තොරතුරු – Videos

colombotoday

ගුවන් ටිකට් මිල 27% කින් ඉහළට

colombotoday