Colombo Today Local News

තිස්‌සගේ ඇප ඉල්ලීම ඉවතට

thissata-epaදෙසැම්බර් 5 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර භාරයට පත්කර සිටින එක්‌සත් ජාතික පක්‍ෂයේ හිටපු මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතාට ඇප ලබාදෙන ලෙසට විත්තිය කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය ඊයේ (04 දා) ප්‍රතික්‌ෂේප කළාය.

විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය යටතේ ගැනෙන චෝදනාවට වරදකරු වුවහොත් වසර 10 ක සිරදඬ`qවමක්‌ නියම කළ හැකි බවත් පෙන්වා දෙමින් විනිසුරුවරිය එම ඇප ඉල්ලීම ප්‍රතික්‌ෂේප කළාය. එකී පනත යටතේ පවරා ඇති නඩුවක විත්තිකරුවකුට ඇප නියම කිරීම සඳහා ඉදිරිපත් කළ යුතු සුවිශේෂී කරුණු විත්තිය තම අධිකරණය හමුවේ ඉදිරිපත් කර නොමැති බවද එම නියෝගය නිකුත් කරමින් විවෘත අධිකණය හමුවේදී පැවැසූ විනිසුරුවරිය ප්‍රමාණවත් කරුණු නොමැති නිසා විත්තිය කුමක්‌ හෝ පවසා ඇප ලබා ගැනීමට උත්සාහ දරා ඇතැයිද පෙන්වා දුන්නාය.

රජයේ අධිනීතිඥ යසිඳු සෙනවිරත්න, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඤ ලක්‌මිණි ගිරිහාගම මෙනවිය සමඟ අතිරේක සොලිස්‌ටර් ජනරාල් වසන්ත නවරත්න බණ්‌ඩාර මහ තා පැමිණිල්ල මෙහෙය විය.

Related posts

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පැමිණිලි 2620ක්

colombotoday

ඥානසාර හිමිගේ මන්ත්‍රීධුරය කොල්ලකෑමට එරෙහිව අපේ ජන බල පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

ගිලන්රථයක ගැටී 9 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

Admin

දින 16ක බිලිඳියකට වස දමා කිරි දුන් අම්මා

colombotoday

නිවසට කඩා වැදි තිදෙනෙක් පොල්තෙල් ව්‍යාපාරිකයාට වෙඩි තබා මරලා

Admin

ගත වූ පැය 24ට බාලවයස්කාර දැරියන් 7ක් අපයෝජනයට ලක් වෙලා

Admin