Colombo Today Local News

තැපැල් ඡන්දය භාවිත කිරීමට අතිරේක දින දෙකක්

මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට හෙට (20) සහ අනිද්දා (21) දෙදින තුළ ඒ සඳහා අවස්ථාව ලබා දී තිබේ.

තැපැල් ඡන්දය භාවිත කිරීමට පසුගිය සඳුදා සිට සිකුරාදා දක්වා සිදුකෙරුණි.

විවිධ හේතු මත එම කාල සීමාව තුළ දී තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන් සඳහා හෙට සහ අනිද්දා දින ලබාදෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව තම ආයතනයේ සහතික කිරීමේ නිලධාරියා වෙත ගොස් එම දින දෙක තුළ දී තැපැල් ඡන්දය භාවිත කළ හැකිය.

කෙසේ වුව ද රාජාංගනය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පමණක් තැපැල් ඡන්ද භාවිත කිරීම එම ප්‍රදේශවල නිරෝධායන කටයුතු අවසන් වීමෙන් පසු සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඉදිරියේ දී එම ප්‍රදේශවල අයඳුම්කරුවන්ට තැපැල් ඡන්දය භාවිත කළ හැකි දින පිළිබඳ දැනුම්දීමට නියමිතය.

මේ අතර අද (19)දින නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.

Related posts

තොටිල්ලක ගෙල සිරවී දරුවෙක් ජීවිතක්ෂයට

Admin

අදත් කලාප 23කට විදුලි කප්පාදුවක්

colombotoday

සහරාන් හෂීම් යටතේ මරාගෙන මැරෙන පුහුණුව ලැබූ කතුන් දෙදෙනෙක් තාම නිදැල්ලේ

colombotoday

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අද සිට ම වැසේ

Admin

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මැතිවරණ කොමිසමේ හූල්ට චෝදනා

colombotoday

තරුෂිට ක්‍රීඩා ඇමතිගෙන් සුබ පැතුම්

Admin