Covid 19

ත්‍රිකුණාමලය රෝහලේ තවත් වෛද්‍යවරයෙකුට කොරෝනා ආසාදනය වෙයි

ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහා රෝහලේ තවත් වෛද්‍යවරයෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇතැයි අද (10)දින නිකුත්වු පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

මෙම වෛද්‍යවරයා මීට පෙර කොවිඩ් -19 ආසාදනය වු වෛද්‍යවරයා සමග එකම නිල නිවසේ නේවාසිකව සිට ඇති බව වාර්තා වේ.පළමු වෛද්‍යවරයා කොවිඩ් 19 ආසාධනය වි ඇති බව ඉකුත් 02 දා සොයා ගැනීමෙන් පසු එම වෛද්‍ය නිල නිවාසයේ සිටි තවත් වෛද්‍යවරු තිදෙනෙකු එම නිල නිවාසයේම නිරෝධායනයට ලක් කරමින් සිට සිදුකළ පි.සි.ආර්. පරික්ෂණයකින් මෙම වෛද්‍යවරයාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මෙම වෛද්‍යවරයාද කොළඹ අයි.ඩී.එච්. රෝහල වෙත යැවීමට සෞඛ්‍ය බලධාරිහු පියවර ගත්හ. මේ වන විට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් මෙම ආසාධිත වෛද්‍යවරයා සමග ආසාධිතයන් 14 දෙනෙකු සොයාගෙන තිබේ.

Related posts

කොවිඩ් දෙවන රැල්ලේ මිනුවන්ගොඩ පොකුර සම්පූර්ණයෙන් පාලනය කර අවසන්

colombotoday

රාගම රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ 132කට කොවිඩ්

colombotoday

ගුවන්විදුලි සංස්ථාවේ 4 දෙනකුටත් කොරෝනා

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 15ක්

Admin

සුසන්තිකා ජයසිංහට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

මියන්මාරයෙන් පළමු රෝගීන් දෙදෙනා වාර්තා වෙයි

colombotoday