Colombo Today Local News

තව්හිද් ත්‍රස්ත කදවුරු 7ක්, ආරක්ෂක නිවස්න 17ක් සොයාගනී….

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තයන් භාවිතා කළ පුහුණු කදවුරු හතක් සහ ආරක්ෂිත නිවස්න දහතුනක් අනාවරණය කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවී තිබෙනවා.

මෙම පුහුණු හා වැඩමුළු පැවැත්වූ කදවුරු වනාතවිල්ලුව, හම්බන්තොට, නුවරඑළිය, නුවර අරුප්පොල, කාත්තන්කුඩිය, සහ වාලච්චේන ප්‍ර දේශවල පිහිටා තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියා සිටියේ.

ත්‍රස්තයන් භාවිතා කළ ආරක්ෂිත නිවස්න පිහිටා ඇත්තේ මීගමුව, කටුවාපිටිය, පානදුර සරික්කලමුල්ල, කොළඹ 03 ශාන්ත අන්තෝනි පාර, ගල්කිස්ස ටෝප්‍රස් පාර, වනාතවිල්ුලුව, වත්තල එඩේරමුල්ල, කොළඹ 6 මයුර පෙදෙස, මල්වාන, තිහාරිය, කලගෙඩිහේන, කොච්චිකඩේ, දළුවකොටුව, වාලච්චේන රිදියතන්න, කුලියාපිටිය සුභාරතීපුර, හෙට්ටිපොල, කටුපොත, නින්දවූර් සහ සමන්තුරේ ප්‍රෙද්ශවලය.

එසේම ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 85 දෙනෙකුද මේවන විට රදවාගෙන ප්‍රශ්න කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

Related posts

බහුජාතික, බහු ආගමික ජනපති අපෙක්ෂකයෙක් ගේනවා…

colombotoday

ඉතාලිය, දකුණු කොරියාව හා ඉරානයෙන් එන අය දින 14ක් නිරෝධායනයට

colombotoday

ඥානසාර හිමි මල්වතු මහ නා හිමි සමග විශේෂ සාකච්චාවක්

colombotoday

උත්සව සමයේ ආහාර පරීක්ශාවට වැටලීම්

Admin

පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ පඩිය වැඩිකර ලක්ෂයක දීමනාවකුත් දෙන්න අගමැතිගෙන් යෝජනා

colombotoday

පැන්ඩෝරා විමර්ශනයේ ප්‍රගතිය ජනපති ට දැනුම් දෙයි

colombotoday