Colombo Today Local News

පැන්ඩෝරා විමර්ශනයේ ප්‍රගතිය ජනපති ට දැනුම් දෙයි

පැන්ඩෝරා පත්‍රිකා මගින් නම් හෙළිවූ මෙරට පුද්ගලයින් සම්බන්ධයෙන් ආරම්භ කර ඇති විමර්ශනයේ ප්‍රගතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම්දී තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කළේය.

පැන්ඩෝරා පත්‍රිකාවෙන් අනාවරණය වී ඇති ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳ වහාම විමර්ශනයක් කර මසක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා විසින් පසුගිය දා එම දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබුණි.

තිරුකුමාර් නඩේෂන් මහතාගේ බැංකු ගිණුම් විස්තර ඇතුළත් වාර්තා විවිධ බැංකු හා මූල්‍ය ආයතන මගින් කැඳවා ඇති අතර, මේ වනවිට එම වාර්තා ලැබෙමින් පවතින බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අදාළ වාර්තාව මගින් දන්වා තිබේ.

විමර්ශන කටයුතු අවසාන වී නැති බැවින් ඊට අදාළව කැඳවන ලද වාර්තා සහ අනිකුත් වැඩිදුර විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව අවසන් වාර්තාව ලබාදීමට කටයුතු කරන බව එමගින් වැඩිදුරටත් දන්වා ඇත.

Related posts

මන්ත්‍රීවරුන්ට තවත් ලක්ෂ 2 ක් ඉල්ලූ යෝජනාව ජනපති ප්‍රතික්ෂේප කරයි

colombotoday

අප්‍රේල් සිට උමාඔයෙන් මෙගාවොට් 120ක් ජාතික පද්ධතියට

Admin

පැය 4ක ප්‍රකාශයක් ලබා දුන් රිෂාඩ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි

colombotoday

සජබ ජාතික ලැයිස්තුව නම් කරයි

Admin

වැවේ පිටවාන කඩන්නයි කියා පුත්තලම නාගරික මන්ත්‍රීගේ කනට ගහලා

colombotoday

”ෆොන්සේකාට නීතිය දුන්නොත් වෙන්නේ මේකයි”- සුසිල්

colombotoday