Business

තවත් බිලියන 400ක ණයක් ගන්න පාර්ලිමේන්තුවේ අනුමැතිය

භාණ්ඩාගාර බිල්පත් අලෙවි කිරීම මගින් දේශීය වෙළඳ පොළින් රජයට ලබාගත හැකි ණය ප්‍රමාණය තවත් රුපියල් බිලියන 400 කින් ඉහළ නැංවීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාව සම්මත වීමත් සමග භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් ලබාගත හැකි උපරිම ණය සීමාව වූ රුපියල් බිලියන 850 ක ප්‍රමාණය රුපියල් බිලියන 1250 ක් දක්වා ඉහළ නගී.

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් ලබාගන්නා ණය රුපියල් බිලියන 400 කින් වැඩිකර ගැනීම සඳහා මෙම යෝජනාව දින 100 ආණ්ඩුව විසින්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද එය පරාජයට පත්විය.

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් රජය දේශීය වෙළඳ පොළින් ණය ලබාගන්නා අතර මෙම යෝජනාව සම්මත වීමත් සමග රජයට ඉදිරියේදී රුපියල් බිලියන 400 ක ණය දේශීය වෙළඳ පොළින් ලබාගැනීමේ අවස්ථාව හිමිවේ.

Related posts

ඔන්ලයින් ක්‍රමයට මැණික් ඇණවුම් කරන්න අනුමැතිය

colombotoday

රුසියාවේ ප්‍රහාර හමුවේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි

colombotoday

පෝට් සිටි ව්‍යාපෘතියෙන් ඒක පුද්ගල ආදායම ඩොලර් 1000 කින් නගී

colombotoday

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 201.28 දක්වා පහළට

colombotoday

කොටස් වෙළෙඳපොළෙන් වාර්තාවක්

colombotoday

මහ බැංකුව තවත් රු.බි.17 ක බැඳුම්කර නිකුත් කරයි.

colombotoday