Colombo Today Local News

තවත් තවුහිද් ජමාත් සමාජිකයෙකු අත්අඩංගුවට

තහනම් කරන ලද තවුහීද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයකු ඊයේ (25) අලුයම මාවනැල්ල මුරුතවෙල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා ඉස්ලාම් ආගම ඉගැන්වීම සිදුකළ අයෙක් බව පොලිසිය පවසයි.

ඉකුත් අප්‍රේල් 21 දා කොළඹ හා අවට ප්‍රදේශවල සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවට ආධාර අනුබල දීම යටතේ හා අන්තවාදී මුස්ලිම් සංවිධාන වලට ශ්‍රි ලංකාව තුළ නැවත ත්‍රස්තවාදය ඇති කිරිම ප්‍රතිසංස්කරණය කිරිම ජාතීන් අතර අසමගිය ඇති කිරිමට ආධාර අනුබල දීම යටතේ සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට පත් පුද්ගලයා වයස අවුරුදු 59 හැවිරිදි අයෙකි.

Related posts

ජනාධිපති මන්දිරයට විශේෂ ආරක්‍ෂාවක් යොදවයි

colombotoday

අරගලයට සහය දුන් බ්‍රිතාන්‍ය තරුණියගේ පෙත්සම විසිවෙයි

colombotoday

සති 50ක් බලයේ සිටි ජනපතිවරයා ශත 50ට වැටුණා… ඔහු ජනපති කරවීම ගැන ජනතාවගෙන් සමාව ඉල්ලනවා…

colombotoday

දිවයින පුරා හදිසි නීතිය බලාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

ජර්මනියේ සිටි ලාංකිකයින් පිරිසක් අද දිවයිනට

colombotoday

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට නව සභාපතිවරයෙක්

colombotoday