Colombo Today Local News

ඩොනල් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේ ඡන්ද විමසීම අද

අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේ ඡන්ද විමසීම අද පැවැත්වීමට නියමිත බව එරට කථානායක නැන්සි පොලෝසි පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පසුගිය දා කොංග්‍රස් මණ්ලයේ නීති කමිටුව පසුගිය දා අනුමත කරන ලද කරුණු මත පදනම්ව මෙම ඡන්ද විමසීම පැවැත්වෙන බවයි.

මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් තමන්ට අදාළව ඉදිරිපත්ව ඇති දෝෂාභියෝගයට අදාළව එරට කොංග්‍රස් මණ්ඩල කථානායක නැන්සි පොලෝසි වෙත පිටු 6 කින් යුතු ලිපියක් යොමු කර තිබේ.

එමගින් අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ, මෙම දෝෂාභියෝගය අමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි විවෘත යුද්ධයක් බවයි.

කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපතිවරයා චෝදනා කරන්නේ දෝෂාභියෝගයක වටිනාකම එමගින් විනාශ කර ඇති බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අද පැවැත්වීමට නියමිති ඡන්ද විමසීමේ ප්‍රතිඵලයට යම් බලපැමක් කිරීමේ අරමුණින් අමෙරිකානු ජනාධිපතිවරයා මෙම ලිපිය යොමු කර ඇති බවයි.

කෙසේ වෙතත් මෙම දෝෂාභියෝග ඡන්ද විමසුම කාගේත් අවධානයට ලක්වනු ඇති බවට විදෙස් වාර්තා අනාවරණය කරනවා.

Related posts

වජිර එජාප නායකත්වයට යන මග සකසමින්

colombotoday

ආනයනික සහල් බද්ද ශත 25 දක්වා පහතට

colombotoday

වැලන්ටයින් දවසේ එළියට ආ මෛත්‍රී-ජයන්ති ආදර අන්දරය…

colombotoday

සහරාන්ගේ මස්සිනා අත්අඩංගුවට

Admin

කොළඹ පොත් ප්‍රදර්ශනයට ගිය අයෙකුට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

ආහාර ද්‍රව්‍ය අඩංගු බාහාලුම් දහසක් කොළඹ වරායේ

colombotoday