Colombo Today Local News

ඥානසාර හිමිට සිරදඬුවම් ලබාදුන් විනිසුරුට උසස්වීමක්


නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් සහ අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් අද (09) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස අභියාචනාධිකරණ සභාපති පී.ටී. සුරසේන, අභියාචනාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා, අභියාචනාධිකරණ විනිසුරු ඊ.ඒ.ජී.ආර්. අමරසේකර යන මහත්වරුන් දිවුරුම් දුන් අතර, නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස මහාධිකරණ විනිසුරු කේ.පී. ප්‍රනාන්දු මහතා දිවුරුම් දෙනු ලැබීය.

බොදු බල සේනා සංවිධනයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඇත්තේ ඥානසාර හිමිට වසර 19ක සිරදඬුවම් එකවර ගෙවීයන ලෙස අවුරුදු 6ක සිරදඬුවම් ලබාදුන් විනිසුරුවරයා වන්නේ හිටපු අභියාචනාධිකරණ සභාපති පී.ටී. සුරසේනය.

Related posts

පැය 12ක මෙහෙයුමකින් 1563ක් අත්අඩංගුවේ

colombotoday

රෝගියෙකුට ඖෂධ රැගෙන යන බව පවසා ජාවාරම්කාරියකට හෙරොයින් රැගෙන ගිය අයෙක් අත්අඩංගුවට

colombotoday

මධුෂ්ගේ පැටිකිරිය DIG ප‍්‍රියන්ත ජයකොඩිගෙන් හෙලි වේ..

colombotoday

සුරකිමු ගංඟා වැඩසටහන ඇරඹේ

colombotoday

බදුර්දීන්ට එරෙහිව හබරාදුවේ විරෝධතා

colombotoday

සිරිමල්දෙනිය වත්තේ පුද්ගල ඝාතනයක්

colombotoday