Colombo Today Local News

ඥානසාර හිමිට සිරදඬුවම් ලබාදුන් විනිසුරුට උසස්වීමක්


නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් සහ අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් අද (09) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස අභියාචනාධිකරණ සභාපති පී.ටී. සුරසේන, අභියාචනාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා, අභියාචනාධිකරණ විනිසුරු ඊ.ඒ.ජී.ආර්. අමරසේකර යන මහත්වරුන් දිවුරුම් දුන් අතර, නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස මහාධිකරණ විනිසුරු කේ.පී. ප්‍රනාන්දු මහතා දිවුරුම් දෙනු ලැබීය.

බොදු බල සේනා සංවිධනයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඇත්තේ ඥානසාර හිමිට වසර 19ක සිරදඬුවම් එකවර ගෙවීයන ලෙස අවුරුදු 6ක සිරදඬුවම් ලබාදුන් විනිසුරුවරයා වන්නේ හිටපු අභියාචනාධිකරණ සභාපති පී.ටී. සුරසේනය.

Related posts

ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට පිරිසක් කඩා වදී

Admin

ලක්ෂ 75 ක අයිස් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

ගෙලට පිහියකින් පහරදී පුද්ගලයෙක් මරා දාලා

colombotoday

නිවාඩු අවලංගු කලත් තැපැල් සේවකයෝ වර්ජනයේ…

Admin

ලාංකිකයන්ට ජපානයෙන් තවත් රැකියා අවස්ථා

Admin

10වසරේ දැරිය මහ රෑ ගෙට ඇතුළු වූ 28 තරුණයා සමග යහන් ගතවෙද්දී මව දකී.. බරපතළ ලිංගික අපයෝජනයක් කළා යැයි තරුණයා රිමාන්ඩ්

colombotoday