Colombo Today Local News

“ජිනීවා යෝජනාවට අනුව කටයුතු කරන්න අප බැඳී සිටිනවා” අගමැති චැනල් 4ට කියයි

ranil 1544

ශ්‍රීරී ලංකාවේ සිදුවීයයි කියනු ලබන යුද අපරාධ චෝදනා හා මානව හිමිකම් උල්ලංඝණයවීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කරන ලද යෝජනාව අනුව ක්‍රියා කිරීමට අප බැඳී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

චැනල් ෆෝ නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී චැනල් ෆෝ වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ මාධ්‍යවේදියා විමසා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දින කිහිපයකට ඉහතදී විදෙස් අධිකරණ හෝ විදේශීය විනිසුරුන් සහභාගි කර නොගන්නා බවට බී.බී.සී පුවත් සේවය සමග පවසා සිටි බවයි.

එහෙත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දී ඇත්තේ එක්සත් ජාතීන්ගේ ‍සම්මත කළ යෝජනාව අනුව කටයුතු කිරීමට සිදුවනු ඇති බවයි.

Related posts

මහින්ද වසර දහයකින් කළාට වඩා සජිත් මාස දහයකින් කළා

colombotoday

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ වැඩ තහනම් කෙරේ

colombotoday

අත් බෝම්බ,කඩු කිනිසි, පුපුරණ ද්‍රව්‍ය ඇතුළු අවි ආයුධ තොගයක් මීගහතැන්නේ නිවෙසකින් හමුවෙයි

Admin

“ලක්ෂයකින් ජීවත් වෙන්න පුළුවන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට.. තව දීමනා ඕන” ඇමති ලක්ෂ්මන්

colombotoday

තණමල්විල ගංජා හේනක් වටලයි

Admin

ෆේස්බුක් සමාගමෙන් ශ්‍රී ලාංකිකයන් වෙත ඉල්ලීමක්…

colombotoday