Colombo Today Local News

ජාතික ගීය දෙමළෙන් ගයන්න චම්පික බෑ කියයි… විරෝධය දක්වන්න නිදහස් උළෙලට නොයයි

champika ranawakaමහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහ ජාතික හෙළ උරුමය ඊයේ පැවති 68 වන ජාතික නිදහස් උළෙල වර්ජනය කර තිබෙනවා. ජාතික ගීයට සමාන වීකෘති කරන ලද ගීයක් දෙමළ භාෂාවෙන් ගැයීමට ගත් තීරණය කල් තියා දැන ගැනීමට ලැබුණු බැවින් එයට විරෝධය පලකිරීමක් වශයෙන් ඔහු මෙසේ ජාතික නිදහස් උළෙලට සහභාගී නොවීමට තීරණයක් ගත් බවයි හෙළ උරුමයේ ආරංචි මාර්ග සදහන් කරන්නේ

කෙසේ වෙතත් සිංහල ජාතික බලවේග ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුගෙන් අප කළ විමසිමකදී ඔවුන් ප්‍රකාශ කළේ මෙවැනි තත්වයක් ඇති වීමට තමන් කිසි සේත් ඉඩ නොදෙන බවට පොරොන්දු දෙමින් වත්මන් රජය බලයට පත් කිරීම සදහා සිංහල බෞද්ධ ජාතිකවාදී ඡන්ද පදනම භාවිතා කළ චම්පික රණවක මහතා ජාතික ගීය දමිළ බසින් ගෑයීමට එරෙහිව ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් නිකුත් කර, ඇමති ධූරයෙන් ඉල්ලා අස්වී තමන්ගේ අවංක භාවය පෙන්වීමට කටයුතු කළ යුතු බවයි.

Related posts

සංචාරක නිකේතනයක නිධන් හාරන්න ගිය 9ක් කොටු වෙයි

Admin

ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පතට කතානායකගේ අත්සන

colombotoday

අනියම් සැමියාගෙන් පහරකෑ කතක් මරුට

Admin

ජවිපෙ මැයි රැලියට ගිය ලංගම බසයට ශ්‍රීලනිපයෙන් ගල් ප්‍රහාරයක් !

colombotoday

වාහන වෙන්දේසියෙන් වරාය අධිකාරියට වාර්තාගත ආදායමක්

colombotoday

ජනපති පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කරයි… බහුතරය පෙන්වීම ලබන 16ට කල් යයි…

colombotoday